PREDATOR කතා මාලාවේ පස්වැන්න PREY එයි

125

විලෝපිකයා හෙවත් ප්‍රෙඩේටර් PREDATOR ලොවපුරා මෙන්ම ශ්‍රී ලංකාවේද අතිශය ජනප්‍රියට පත් සිනමාපට මාලාවක්. විද්‍යා ප්‍රබන්ධ කතා ඇසුරින් සිනමාවට නැගුණු PREDATOR සිනමාපට මාලාවේ නවතම සිනමාපටය PREY ලබන අගෝස්තු 05 වැනිදා සිට ලොව පුරා සිනමාහල් රැසකදී තිරගත වීමට නියමිතයි. Dan Trachteberg විසින් අධ්‍යක්ෂණය කර තිබෙන ඡඍෑශ සිනමාපටය ද අතිශය බිහිසුණු ක්‍රියාදාමය සිනමාපටයක් වන අතර එහි මුලින්ම පෘථිවියට PREDATOR කඩාවැදීම සමග සිදුවුණ ත්‍රාසජනක සිදුවීම්වලින් සමන්විත ය.

PREDATOR කතා මාලාවේ පස්වැන්න  PREY එයි
PREDATOR කතා මාලාවේ පස්වැන්න  PREY එයි

පෘථිවියේ දඩයම් යුගයේදී ප්‍රෙඩේටර්ලා පෘථිවිය ආක්‍රමණය කිරීමට පැමිණීමත් සමග එම ආක්‍රමණයට එරෙහිව තමන් හැදී වැඩුණු ගෝත්‍රය ආරක්ෂා කරගැනීමට නිර්භීතව නායකත්වය ගන්නේ “නාරු” නමැති ගෝත්‍රික තරුණියක් ය. මහා තැනිතලා බිමේ ගෝත්‍රිකයන්ගේ සෙවනෙහි හැදී වැඩුණු ඇය සටන් වදින්නේ අතිශය දියුණු බිහිසුණු ආයුධවලින් සන්නද්ධ පරිණාමය වූ විලෝපිකයෙකු සමගය. එම සටනේ අවසානය ඇයට ගෝත්‍රය ආරක්ෂා කරගැනීමට හැකිවේද? hulu, Disney බෙදාහැරීමක් වන PREDATOR සිනමාපටයේ Amber midthunder, Dekota Beaves, Storme kipp ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment