Project Blue Next Generation ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වෙයි

100

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මූලික කරගනිමින් විවිධ ස්වෙච්ඡා සංවිධාන, පරිසරික කණ්ඩායම්, පර්යේෂකයයයයයන්, පාරිසරික ක්‍රියාකාරීන්, සිසුන් සහ තවත් බොහෝ පාර්ශ්වයන් එක් කර ගනිමින් සාගර ආරක්‍ෂණය සහ ඒ ආශ්‍රිතව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ව්‍යාපෘතියක් ලෙස Project Blue Next Generation හඳුන්වාදිය හැකිය.

මෙම ව්‍යාපෘතිය POP26 අභියෝගතා අරමුදලේ සහ දේශගුණික සබඳතා පිළිබඳ වැඩසටහනේම කොටසක් වන අතර එමගින් දේශගුණික විපර්යාසයන් ආශ්‍රිත අභියෝගවලට මුහුණදීම සඳහා ලොව පුරා ජනතාව බලගන්වයි. British Council ආයතනය මගින් කලාව, සංස්කෘතිය, අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂාව යන අංශ හරහා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන අතර මෙම ව්‍යාපෘතිය ඊට හාත්පසින්ම වෙනස් අංශයක් ආවරණය කරයි.

මෙම ව්‍යාපෘතියට සමගාමීව ප්‍රධාන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වූ අතර. එම වැඩසටහන් දෙකම අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි. මෙහි පළමුවන වැඩසටහන ලෙස විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන්ගේ සහභාගත්වයෙන්සාගරය සුරැකීම නිවසින් පටන් ගනිමු යන තේමාව යටතේ වැඩමුළු මාලාවක් දිවයින පුරා පැවැත්වුණු අතර Project Blue Next Generation කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව හා එකව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

Project Blue Next Generation හි සම්බන්ධීකාරක සශ්‍රික සේනානායක මහත්මිය මෙසේ පැවසුවාය. සමස්තයක් විදියට ගත් විය මෙම කාලෝචිත ව්‍යාපෘතිය මගින් පාරිසරික ගැටලු සහ දේශගුණික විපර්යාස අවම කිරීම ගැන මේ රටේ තරුණ තරුණියන් කෙතරම් උධ්‍යෝගිමත්ද කියන කරුණ ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඒ වගේම අපගේ ඇතැම් පුරුදු වෙනස් කිරීම මගින් සාගර සහ සමුද්‍රීය පරිසරය සුරැකීමේ හැකියාව මෙහිදී හොඳින්ම පෙන්නුම් කළා. ඒ වගේම මෙම වැඩසටහනේ ප්‍රතිඵලයක් විදියට සමාජ වගකීම් සහිත අනාගත නායකයන් බිහිකිරීම සඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment