PS 2 අද සිට කරලියට

122

පොන්නියන් සෙල්වන් දෙවැනි කොටස අද (28දා) සිට ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක තිරගත වෙන්න සූදානම්. පළමු සිනමාපටයෙන් ප්‍රේක්‍ෂකයන් ලබපු වින්දනය අඩුවක් නැතිව දෙවැනි චිත්‍රපටයෙනුත් විඳගන්න පුළුවන් කියල තමයි නිෂ්පාදකයන් සඳහන් කරන්නෙ.

දමිළ භාෂාවට අමතරව, හින්දි, මලයාලම්, කන්ණඩ සහ තෙළඟු භාෂාවන්ගෙන් තිරගතවීමට නියමිත මෙහි නිෂ්පාදනය මනිරත්නම් සමග සුභාෂ්කරන් අලිරාජා විසින් සිදුකර තිබෙනවා. ‍ෛඑතිහාසික සුන්දරත්වය මැනවින් විදහා දැක්වෙන පසුතල රැසක රූගත කර තිබෙන පොන්නියන් සෙල්වන් ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබාදෙනු ඇතැයි විචාරකයන් පවා මත පළකරනවා. පළමු චිත්‍රපටයේ වගේම දෙවැනි කොටසේත් වික්‍රම්, කාර්ති, ජයම් රවී, ඓශ්වර්යා රායි බච්චන්, ත්‍රිෂා යන පිරිසගේ සුපිරි රංගනයක් ඔබට දැකගන්න පුළුවන්. ඒ.ආර් රහුමාන්ගේ පසුබිම් සංගීතය සිනමාපටයේ සුන්දරත්වය තවත් වැඩිකර තිබෙනවා.

පොන්නියන් සෙල්වන් පළමු කොටස ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 500ක වාර්තාගත ආදායමක් උපයාගන්න සමත්වුණා. මෙවර එම ආදායම අබිබවා යෑමට හැකිවනු ඇතැයි ඔවුන් තදින් විශ්වාස කරනවා. ඒ හේතුව නිසාම තිරගතවන සිනමාශාලා ප්‍රමාණය ඉහළ දැමීමටත් ඔවුන් කටයුතුකර තිබෙනවා. සිනමාපටය තුළ භාවිත කර තිබෙන දෘෂ්‍ය ප්‍රයෝග ඉතාමත් තාත්වික අයුරින් භාවිත කිරීමට සහ සකස් කිරීමට නිෂ්පාදක කණ්ඩායම සමත් වෙලා තිබෙනවා.

මනිරත්නම් ඇතුළු නිෂ්පාදන කණ්ඩායම පොන්නියන් සෙල්වන් දෙවැනි කොටසේ පූර්ව ප්‍රචාරක පටය සමාජ මාධ්‍යයට මුදාහැරීමත් එක්ක බොහෝ පිරිසක් එය නරඹා ධනාත්මක ප්‍රතිචාර ලබා දී තිබුණා. පළමු සිනමාපටයෙන් වගේම වෙනස් අපූරු කුතුහලයක් මේ තුළින් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. රංගන ශිල්පීන් පවා සිය සුපුරුදු රංගන ශෛලියට වඩා වෙනස් ආකාරයේ යථාරූපී රංගනයක් මේ වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

● අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment