Q+ ඇප් පහසුකමට ‘Online Pay’ විශේෂාංගය හඳුන්වා දෙයි

64

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ගෙවීමේ ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමට ‘Q+ online Pay’ නමැති නවාංගය හඳුන්වාදෙමින් Q+ ගනුදෙනුකරුවන්ට නව්‍ය වූ ගෙවීම් අත්දැකීමක් ලබාදීමට බැංකුව කටයුතු කර ඇත.

 මෙම නව හඳුන්වාදීම මගින් Q+ ගනුදෙනුකරුවන්ට ‘ComBank Q+’ගෙවීම් විකල්පය තිබෙන වෙබ් අඩවිවලට සහ ඇප් පහසුකම්වලට තමන්ගේ ජංගම දුරකතනය අංකය ඇතුළත් කර අන්තර්ජාලය ඔස්සේ මිලදීගන්නා දේවල් සඳහා ගෙවීමේ අවස්ථාව ලබාදී ඇත.

 මෙම අති නවීන ගෙවීම් ක‍්‍රමවේදය මගින් එය භාවිතා කරන්නන්ගේ ඉතාමත් සංවේදී කාඞ්පත් සහ ගිණුම් තොරතුරු වෙළෙඳුන්ගේ පද්ධතිවලින් ඈත්කර කර තබන බව බැංකුව සඳහන් කරයි. මෙහිදී, ‘ComBank Q+’  ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරන්නන් භාණ්ඩ මිලදීගැනීමේදී සිදුකළ යුත්තේ තමන්ගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කිරීම පමණකි. වෙළෙඳ ආයතනයක වෙබ් අඩවියක් තුළින් ගනුදෙනුකරුවෙකු තමන්ගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර ගනුදෙනුව අවසන් කළ විට ගනුදෙනුකරුවාගේ Q+ ජංගම දුරකතන ඇප් පහසුකම තුළ ගෙවීම් දැනුම්දීම ඉක්මනින්ම දිස්වනු ඇත. එම දැනුම්දීම ක්ලික් කළ පසුව ගනුදෙනුකරුවා Q+ ‘Online Pay’’ ටැබ් පහසුකම වෙත යොමුකරන අතර එහි අංක 04 කින් යුතු පුද්ගලික

 හඳුනාගැනීමේ අංකය ඇතුළත් කළ පසුව ගෙවීම ස්ථීර වනු ඇත. මෙහිදී, ගනුදෙනුකරුවා ගෙවීම ස්ථීර කළ පසුව එම ගෙවීම අනුමත කිරීම හෝ නොකිරීම පිළිබඳව වෙළෙන්දා දැනුවත් කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment