QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම තවත් කල් යන ලකුණු

142

ජාතික ඉන්ධන අවසර බලපත්‍ර ක්‍රමය හෙවත් ූඍ ක්‍රමය යටතේ අද (25 දා) සිට වාහනවලට ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබුණත් එය ක්‍රියාත්මක කිරීම තවදුරටත් පමාවනු ඇතැයි තෙල් සංස්ථාව කියා සිටී.

මේ වනවිට මෙරටට මෙටි්‍රක් ටොන් 70,000 ක පෙට්‍රල් ගෙන්වාගෙන තිබුණත් එය සෑහෙන්නේ දින විස්සකට පමණි. එනිසා පෙට්‍රල් නිකුත් කිරීම සීමාසහිතව සිදු කිරීම නිසා ඊයේ (24 දා) ඉන්ධනහල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබිණි.

මේ වනවිට ඩීසල් මෙටි්‍රක් ටොන් 120,000 ක් පමණ සංස්ථාව සතුව ඇත. එම සංචිත ප්‍රමාණය ද සීමාසහිතව බෙදා හැරීමට සිදුව ඇත්තේ ඊළඟ ඇණවුම් ලැබෙනතුරු ඒවා කළමනාකරණය කර ගැනීමට සිදුව තිබෙන නිසා යැයි සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

කෙසේ වෙතත් මෙරට ඉන්ධන හිඟයට විසඳුම් දීමට නම් එක දිගට ඉන්ධන නෞකා මෙරටට ගෙනඒමට වැඩපිළවෙළක් සැකසිය යුතු බව එම නිලධාරියා කීය. මේ වනවිට වාහන අංකවලට අදාළව ඉන්ධන ලබාදෙන අතර වාහන පෝලිම්වල අඩුවක් සිදුවී නැතැයි ද හෙතෙම පැවසීය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment