QR ක්‍රමයට ඉන්ධන බෙදීම අගෝස්තු 1 සිට අරඹනවා – ඇමැති කංචන කියයි

152

ඉන්ධන නිකුත් කිරීම සඳහා හඳුන්වා දී ඇති QR ක්‍රමයට ඉන්ධන ලබාදීම අගෝස්තු පළමුවැනිදා සිට ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා කියා සිටින්නේ අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අගෝස්තු පළමුවැනිදා තෙක් සිදුකරන බවයි.

QR ක්‍රමයට ඉන්ධන ලබාදෙන පිරවුම්හල්වල සහායට ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාවේ සාමාජිකයන් ස්වෙච්ඡාවෙන් ඉදිරි දින 10 සඳහා සේවය කරන බව ද ඒ මහතා සඳහන් කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment