QR නිසා මේ වසරේ ඩීසල් පෙට්‍රල් අලෙවිය පහළට

197

පසුගිය වසරේ මුල් මාස හතර හා සසඳන විට මෙම වසරේ (2023) පෙට්‍රල් අලෙවිය සියයට විස්සකින් ද, ඩීසල් අලෙවිය සියයට හතළිස් දෙකකින් ද අඩු වී තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 වැනිදා) පැවසීය.

ඉන්ධන භාවිතයට අදාළව හඳුන්වා දුන් කිව්ආර් කේතය ඊට හේතු වී තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ බදු පනත්වලට අදාළ නියෝගයන් කිහිපයක් සම්බන්ධයෙන් පැවති විවාදයේදීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment