QR නොවේ මොනවා ගෙනාවත් සංස්ථාවේ මාෆියාව තුරන් නොකර තෙල් අර්බුදය විසඳීමට බැහැ – ඉන්ධන හල් හිමියෙක් කියයි

336

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමය නොව මොන ක්‍රමය ගෙනාවත් තෙල් සංස්ථාවේ මාෆියාවට වැට නොබැඳ ඉන්ධන අර්බුදයට පිළියම් සෙවිය නොහැකි බවත් එම නිසා ඉන්ධන ගෙන්වීමට තවත් අයට අවස්ථාව ලබාදිය යුතු බවත් ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ වනවිට ඩොලර් ලබා දී ඉන්ධන ලබා ගැනීමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතත්, එම ඩොලර් ප්‍රමාණයට අදාළ ඉන්ධන ලබා ගැනීමට සන්තෝසම් ද දීමට සිදුව ඇතැයි ඔහු කීය. ඇතැම් ව්‍යාපාරිකයන් ඩොලර් ලබා දී සති තුනක් පමණ ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු පැවසීය.

ඉන්දීය තෙල් සමාගම මේ වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල රුපියල් මිලියන 580 ක ලාභයක් ලබා තිබෙන අතර තෙල් සංස්ථාව දෛනිකව අලාභ ලැබීම සම්බන්ධයෙන් කිසිදු නිලධාරියකු සොයාබලා ඊට පිළියම් යොදන්නේ නැති බවත් ඔහු කියා සිටියේය.
QR කේතය ලබාදීමට කටයුතු කළත් එය සිපෙට්කෝ ඉන්ධන හල්වල සහ අයි.ඕ.සී. ඉන්ධන හල්වල එකම ආකාරයෙන් ක්‍රියාත්මක නොකරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment