‘Race The Pearl’ පාපැදි තරගකරුවන්ට ශක්තියක් වූ ලින්ක් නැචුරල්

53

දශක තුනකට අධික කාලයක් දෙස් විදෙස් විශ්වාසය දිනූ ලින්ක් නැචුරල් ආයතනය, ‘Race The Pearl’ පාපැදි ධාවන තරඟයේ තරගකරුවන් සවිබල ගැන්වීමට අනුග්‍රාහකත්වය දැක්වනු ලැබීය.

එම 24 පැයේ පාපැදි තරගය 5 වැනි වරටත් සාර්ථක ලෙස පවත්වනු ලැබීය. ඒකල තරගයේ ජයග්‍රාහකයා වශයෙන්, එක්සත් රාජධානියේ ටෝබි රීඩ් පැය 23 ක් හා මිනිත්තු හයකින් තරගය අවසන් කරමින් කිරුළ දිනා ගත් අතර, කණ්ඩායම් පාපැදි ධාවන තරඟය පැය 18 ක් හා මිනිත්තු දහයකින් නිමා කරමින් Kelani Cycling පාපැදි කණ්ඩායම විසින් ජයග්‍රහණය හිමිකර ගන්නා ලදි.

Race The Pearl පාපැදි තරගය ශ්‍රී ලංකාවේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝ මීටර 600 ක සමස්ත දුර ප්‍රමාණයක් ආවරණය කරමින් පැවැත්වුණු අතර, ඊට එක්වූ පාපැදි තරගකරුවෝ ශ්‍රී ලංකාවේ උතුරු දෙසින් පිහිටි පේදුරුතුඩුවෙන් තරගය ආරම්භ කර, ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ දෙවුන්දර තුඩුවේ අවසන් ස්ථානය දක්වා එම දුර ප්‍රමාණය අදියර පහකින් යුතුව අවසන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment