Raid Amazones  2022

226

ප‍්‍රංශයේ ත‍්‍රාසජනක ක‍්‍රීඩා අද සිට සීගිරි රාජධානියේදී Raid Amazones 2022 යනු ප‍්‍රංශයේ ආරම්භ වූ ජනප‍්‍රිය වාර්ෂික ත‍්‍රාසජනක ක‍්‍රීඩා ඉසව්වකි. සාමාන්‍යයෙන් ප‍්‍රංශ ක‍්‍රීඩිකාවන් විදේශීය සංචාරක ගමනාන්තයක් පසුබිම් කරගෙන බයිසිකල් පැදීම, ධාවනය, ඔරු පැදීම, දිවීම ස`දහ දුණු ශිල්පය වැනි අභියෝග රාශියකට මුහුණදීම මෙහිදී සිදුවේ. එබැවින් තරගයකට සහභාගීවන්නන්ට ඔවුන්ගේ කුසලතා පරීක්ෂා කිරීමට පමණක් නොව සත්කාරක රටක අද්විතීය දර්ශන මිනිසුන් සහ එහි සංස්කෘතිය සොයා ගැනීමට මෙහිදී ඉඩ සලසයි. මෙම වසරේදී ශ‍්‍රී ලංකාවේ සංකේතාත්මකව සීගිරි පර්වත බලකොටුව අවට ප‍්‍රදේශ මූලික කරගනිමින් තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 සීගිරිය සහ මාතලේ ඓතිහාසික, සංස්කෘතික හා පාරිසරික දර්ශන අත්වි`දිමින් සාමාජිකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් වශයෙන් බෙදී අදියර දෙකක් යටතේ තරගකරුවන් 550 කට අධික පිරිසක් මෙවර තරග කිරීමට අපේක්ෂා කෙරේ. පළමු අදියර 2022 මාර්තු මස 13 සිට 23 දක්වා සහ දෙවැනි අදියර 2022 මාර්තු මස 27 සිට අපේ‍්‍රල් මස 06 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම අවස්ථාව ආවරණය කිරීම ස`දහා ගෝලීය මාධ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් නිලධාරීන් සහ නියෝජිතයන් ඇතුළුව 600 කට අධික පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කර ඇත. Raid Amazones 2022 හි නිල ගුවන් සේවා සහකරු වන ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් සිය ගුවන් යානයක් හැඩගැනීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙම වසරේ තරගාවලිය විචිත‍්‍රවත් හා අද්විතීය පසුබිමක් වන සීගිරිය නිරූපණය වන අයුරින් මෙම ශ‍්‍රී ලංකන් ගුවන් යානය අලංකාරවත් කර ඇත. මෙම තරගාවලිය ස`දහා පැරීසියේ සිට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මෙම ගුවන් යානය යොදවා ගැනීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව මෙම ගුවන් යානය ගුවන් සමාගමේ අනෙකුත් තමනාන්ත බොහොමයකට අඛණ්ඩව පියාසර කරනු ඇති අතර එමගින්  ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩා සහ ත‍්‍රාසජනක ගමනාන්තයක් ලෙස ප‍්‍රචලිත කිරීමට හැකිවනු ඇත.

Raid Amazones  2022



 Raid Amazones 2022 හරහා ප‍්‍රංශයේ සහ යුරෝපයේ සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැවංමට ඉඩ ඇති අතර මේ හරහා වික‍්‍රමාන්විත ක‍්‍රීඩා ස`දහා කදිම ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ඉහළ නංවනු ඇත. තවද, මෙම තරගය ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් ආවරණය කෙරෙන අතර ඒ හරහා විශාල ගෝලීය පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට හැකිවනු ඇත. එසේම යුරෝපයෙන් ඔබ්බට වෙළෙ`දපොළ තුළ ශ‍්‍රී ලංකාවට සැලකිය යුතු අවධානයක් ලබා ගැනීමට මග පාදයි. වසංගතයට පෙර සංචාරක ව්‍යාපාරය

 ශ‍්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම විදේශ විනිමය උපයන කර්මාන්තයක් විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විදේශ මුදල් හි`ගය ඇතුළුව පසුගිය දෙවසර තුළ සංචාරය ව්‍යාපාරය පසුබෑම හේතුවෙන් සැලකිය යුතු ප‍්‍රතිවිපාක අත්වි“දීමට සිදුවිය. එම නිසාම සංචාරක කර්මාන්තය නව ආර්ථික ගුවන් සමාගම ජාතික ආර්ථිකයට සහ රජයේ සංවර්ධන ඉලක්කවලට සහායවීමේ වගකීම ඉටු කිරීමට අඛණ්ඩව උත්සාහ කරයි. මේ පිළිබ`දව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ප‍්‍රකාශ කළේ Raid Amazones 2022 හි සහභාගිවන්නන් ඉතා ආදරයෙන් ශී‍්‍ර ලංකන් ගුවන් වෙත පිළිගැනීමට බලාපොරොත්තුවන බවයි. එසේම ප‍්‍රමුඛ පෙළේ ගෝලීය සංවිධාන විසින් නැවත නැවතත් ඉහළම සංචාරක ගමනාන්තයක් ලෙස ශී‍්‍ර ලංකාව පිළිගෙන ඇති බවද හෙතෙම පෙන්වා දුන්හ. මෙම සහයෝගීතාවය ජාත්‍යන්තර සංචාර ස`දහා නැවත ප‍්‍රවේශ විය හැකි ලකුණු පෙන්නුම් කරන බවත් මෙමගින් ශී‍්‍ර ලංකාව බහුවිධ සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකයට නිරූපණය කිරීමට සැලසුම් කර ඇති බවද පැවැසීය.

Raid Amazones  2022



 Raid Amazones 2022 ස`දහා සහභාගි වන තරගකරුවන් 550 දෙනෙකු ස`දහා ලෝකයේ විවිධ නම්දරා ඇති සමාගම් අනුග‍්‍රාහකත්වය දක්වන අතර පසුව ඔවුන් මෙම තරගයට සහභාගි වන ඡුායාරූප සමාජ මාධ්‍ය හරහාද ප‍්‍රචාරය කිරීමෙන් ලංකාවේ සුන්දරත්වය ලෝකයට පෙන්වීමට මේ හරහා උත්සාහ දරා ඇත. අදියර දෙකක් යටතේ පවත්වන මෙම තරගය හරහා ලෝකයට ලංකාව පිළිබ`දව වැඩිදුර අවධානයක් යොමුවතු ඇති බව සංවිධායකයන් ගේ එකම විශ්වාසය වී ඇත. Raid Amazones 2022 සැබැවින්ම ප‍්‍රංශයේ ජනප‍්‍රියතම ක‍්‍රීඩාවකි. සීගිරි රාජධානියේ දී අද සිට මෙහි අත්දැකීම් දැකබලා ගත හැකිවේ.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment