Raid Amazones 2023 කන්ද උඩරටට

81

Raid Amazones 2023 යනු ප්‍රංශයෙන් ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වකි. සාමාන්‍යයෙන් ප්‍රංශ ක්‍රීඩිකාවන් විදේශීය සංචාරක ගමනාන්තයක් පසුබිම් කරගෙන, බයිසිකල් පැදීම, ධාවනය, ඔරු පැදීම, දිවීම සහ දුණු ශිල්පය වැනි අභියෝග රාශියකට මුහුණදීම මෙහිදී සිදුවේ. එළඹෙන මාර්තු මස 19 වැනිදා සිට මාර්තු 29 වැනිදා දක්වා මහනුවර දී පැවැත්වීමට නියිමිත මෙම තරගාවලිය සඳහා මෙවර ක්‍රීඩිකාවන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකන් ගුවන් සේවය දෙවැනි වරටත් ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක ධාවන තරගය වන ‘Raid Amazones 2023 හි සාඩම්බර නිල ගුවන් සේවා හවුල්කරුවා ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටියි.

Raid Amazones 2023 කන්ද උඩරටට

21 වැනි වරට පැවැත්වෙන මෙම ‘Raid Amazones 2023’ තරගාවලිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ කන්ද උඩරට පැවැත්වෙන විට ස්වභාවික හා ඓතිහාසික ස්ථාන උද්දීපනය කිරීමට හැකියාව ලැබේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ ගමන ආරම්භ වන්නේ, ඔවුන් Raid Amazones 2023 සඳහාම වෙන් වූ ගුවන් යානයෙන් පැරිසියේ සිට කොළඹට පියාසර කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගොඩ වූ මොහොතේ සිටය. ශ්‍රී ලංකන් ගුවන් සේවය, මෙහි නිල භූමි හැසිරවීමේ හවුල්කරු වන Connaissance de Ceylan සමඟ එක්ව ප්‍රංශයේ සිට පැමිණෙන මෙම පිරිස ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාර ලබාදී පිළිගැනීමටත් ඔවුන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීමටත් දැනටමත් සූදානම් කර ඇත.

මෙහි සංවිධායකවරුන් විසින් තරගාවලිය පැවැත්වීම සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගනු ලැබුවේ මෙහි ජනතාවගේ අසමසම උණුසුම් පිළිගැනීමත් තරගාවලිය ඉතා යෝග්‍ය වන භූමියේ ඇති සහයෝගයත් හේතුවෙනි. ඔවුන්ගේ එම තීරණය ගුවන් සමාගමේ අලෙවිකරණ ප්‍රයත්නයන්වල සාර්ථකත්වය මත රඳා පවතින අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංචාරක සහාය අවශ්‍ය මොහොතක මෙය වටිනා අවස්ථාවක් ලෙස සැලකිය හැකිවේ.

Raid Amazones 2023 කන්ද උඩරටට

මේ පිළිබඳව අදහස් දක්වමින් Raid Amazones හි නිර්මාතෘ, Alexandre Debanne මෙසේ සඳහන් කළේය.

“පසුගිය වසරේ 20 වැනි Amazon Raides සමඟ ශ්‍රී ලංකාවේ දී මම ලබාගත් අත්දැකීම් සහ ඒ සඳහා සහභාගී වූ තරගකාරියන්ගෙන් ලැබුණු විශිෂ්ට ප්‍රතිචාර නිසා නැවත වරක් 21 වැනි Raid Amazones තරගාවලිය සුන්දර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හේතුවක් වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අනෙකුත් හවුල්කරුවන් සහාය නොවන්නට මෙය කළ නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකාව කෙතරම් ආරක්ෂිත සහ සුන්දර ද යන්න ලොවට පෙන්වීමට හොඳම කාලය මෙය බව මට හැඟුණු නිසා මම නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පොරොන්දු වුණා’ යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

Raid Amazones 2023 කන්ද උඩරටට

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “Raid Amazones 2023 හි සහභාගිවන්නන් නැවත වරක් ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. සියලුම දෙනා ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ දක්ෂතා සොයා ගනු ඇති බව මට විශ්වාසයි. ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණීමට සහ ගවේෂණය කිරීමට ඔවුන් අනෙකුත් අය දිරිමත් කරමින් මෙන්ම විශ්මිත මතකයන් රැසක් සමඟ නැවත ඔවුන්ගේ මව්බිමට යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි අපගේ මෙහෙවර වන්නේ ගුවන් සමාගමක් ලෙස පුළුල් කිරීමට පමණක් නොව රට ඉදිරියට ගෙනයෑමට ඇති ආසාව ඉටුකර ගැනීමයි. මෙවැනි ජාත්‍යන්තර වැඩසටහන් සමඟ හවුල් වීමෙන් මෙය තවදුරටත් කරගෙන යෑමට හැකියා ලැබේ’ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් 2022 දී ප්‍රථම වරට Raid Amazones අනුග්‍රහය දැක්වූයේ පැරිස් වෙත නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම වසරේ මෙම තරගාවලිය හරහා ගුවන් සමාගම සහ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් යුරෝ මිලියන 10 කට අධික වටිනාකමකින් යුතු ප්‍රචාරණයක් ලබා ගැනීමට අපේක්ෂා කරයි. අපේක්ෂිත මාධ්‍ය ආවරණය ප්‍රංශයේ සහ Raid Amazones සොයා යන යුරෝපයේ ත්‍රාසජනක සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇත. ත්‍රාසජනක ක්‍රීඩා මෙන්ම ඒ සඳහා නව ගමනාන්ත සොයන්නන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉලක්කය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment