RDB බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසා‍යික ප්‍රජාව විශේෂ කරගෙන තම ව්‍යවසා‍යික ගනුදෙනුකාර ප්‍රජාව විද්‍යුත් බැංකුකරණයට අනුගත කිරීමේ ක්‍රම වේදය සමාජ ගත කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටී.

සිය ව්‍යවසා‍යික ප්‍රජාව මුදල් රහිත සමාජයකට (Less Society) මග පෙන්වීමේ ක්‍රියාදාමය තුලින් දිවයින පුරා වෙළඳසල් 5000 ක් වෙත RDB QR” පහසුකම හඳුන්වාදීම පසුගියදා සම්පූර්ණ කෙරුණි.

එම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරමින් බැංකුව සිය ව්‍යවසා‍යික ප්‍රජාව වෙත ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වන ගණුදෙනු ක්‍රමවේදයන් හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගියදා මාතලේ ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී මාර්ගගත ව්‍යාපාරකරණය සඳහා Digital තාක්ෂණය යොදා ගන්නා ආකාරය හා සුළු හා මධ්‍ය පර්මාණ ව්‍යාපාරිකයින් සඳහා ඒවායේ භාවිතය පිළිබඳ දැනුවත් කිරීම මූලිකව සිදුකෙරුණි.

මේ සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ RDB බැංකු ගණුදෙනුකරුවන් නියෝජනය කරමින් නිමි ඇඳුම්, රූපලාවන්‍ය, කෘෂිකාර්මික, සංචාරක, අපනයන, වාණිජ හා සේවා ආශ්‍රිත ව්‍යාපාරයන්හි නියලුණු ව්‍යවසායක ප්‍රජාව සහභාගි විය.

RDB බැංකුවේ මාතලේ දිස්ත්‍රික් කළමණාකාරිනී ඉෂාන්ති වික්‍රමසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය වැඩසටහන සංවිධානය කර තිබුනි. Dialog සමාගම නියෝජනය කරමින් ප්‍රධාන කළමණාකාර සමීර විජේරත්න මහතා ඇතුළු විද්වත් දායක මණ්ඩලයක් විසින් වැඩසටහනෙහි සම්පත් දායකත්වය සිදු කරන ලදි.


advertistmentadvertistment