Red Bull Ride My Wave තරගාවලිය සාර්ථක ලෙස නිමාව දකී

186

Red Bull Ride My Wave සර්ෆින් තරගාවලිය 2022 ජනවාරි 29 සහ 30 දෙදින තුළ හික්කඩුවේදී අති සාර්ථක ලෙස පැවැත්විණි. දේශීය සර්ෆින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ තරගාවලියක අත්දැකීම් ලබාදීම සහ ශ‍්‍රී ලංකාව සර්ෆින් ක‍්‍රීඩාවට ඉතාමත් සුදුසු රටක් බව ලොවට පෙන්වා දීම යන අරමුණු මුල්කරගෙන සංවිධානය කරන ලද මෙම තරගාවලියට දෙස් විදෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් ඉතාමත් උණුසුම් ප‍්‍රතිචාරයක් ලැබුණු අතර, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 130 දෙනකුට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වූහ.

Red Bull Ride My Wave තරගාවලියේ පිරිමි කාණ්ඩය යටතේ තරග වාර 96 ක් පැවැත්වුණු අතර ඊට සහභාගි වූ දේශීය හා ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 81 කි. දෙවැනි වටයේ පිරිමි සුදුසුකම් ලැබීමේ තරග වාර 12 ට ක‍්‍රීඩකයෝ 45 දෙනෙක් එක්වූහ. තුන්වන වටයේ තරග වාර 6 කට තරගකරුවන් 18 දෙනකු සහභාගි වූ අතර, අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 12 කි. අවසන් පූර්ව තරග සඳහා තරගකරුවන් 6 දෙනෙක්ද, අවසන් අදියරේ ‘King of the Wave’ කිරුළ සඳහා තරගකරුවන් 4 දෙනෙක්ද තරග වැදුණහ.

Red Bull Ride My Wave තරගාවලිය සාර්ථක ලෙස  නිමාව දකී

කාන්තා අංශය යටතේ තරග ඉසව් 8 ක් සඳහා තරග වැදුණු ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 23 කි. අර්ධ අවසන් පූර්ව තරග ක‍්‍රීඩිකාවන් 16 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවති තරග වාර 4 කින්ද, අවසන් පූර්ව තරග ක‍්‍රීඩිකාවන් 8 දෙනකු සහභාගි වූ තරග වාර 2 කින්ද සමන්විත වූ අතර, අවසන් තරගයේ දී ‘Queen of the Wave’ කිරුළ සඳහා ක‍්‍රීඩිකාවෝ් 4 දෙනෙක් තරග වැදුණහ.

advertistmentadvertistment
advertistmentadvertistment