පස් රහිත පොල් වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO Lanka සමාගම American Business Awards හෙවත් Annual Stevie Awards 2024 සම්මාන උළෙලේදී වසරේ නිෂ්පාදන සමාගම ලෙස සහ එම සමාගමේ තිරසාර සහ දේශගුණ ආරක්ෂණ නිෂ්පාදන වෙනුවෙන් රිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීය.

එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර Marriot Marquee හෝටලයේදී සම්මාන උළෙල පැවැත්විණි.

ශාන් හළඹ මහතා 2004දී ඇරඹූ RIOCOCO සමාගමේ ආයතනික ප්‍රධාන කාර්යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි පිහිටා ඇත. මධ්‍යම පරිමාණයේ සිට ඉහළ තාක්ෂණික හරිතාගාර සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ පොල් වගා මාධ්‍ය නිෂ්පාදනය කරන ඔවුන් ඉතා කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සමාගමක් බවට පත් විය. එම සමාගම පසුගිය වසර කිහිපයේදී සිය මෙහෙයුම් රටවල් 65ක් පුරා ව්‍යාප්ත කර තිබේ.

“මෙවැනි ප්‍රමුඛ සම්මාන දෙකක් දිනා ගැනීමට ලැබීම භාග්‍යයක්. අපි විශිෂ්ට යමක් කළා කියලා දැනෙනවා. ඒ නිසයි අපට මේ සම්මාන දිනා ගන්න හැකි වුණේ. මේ ජයග්‍රහණය වඩාත් කැපවීමෙන් ඉදිරියේදීත් කටයුතු කරන්න අපට ලැබුණු අභිප්‍රේරණයක්. අපගේ ඊළඟ බලාපොරොත්තුව රන් සම්මාන දිනා ගැනීම. අප සමාගමේ ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද කාර්ය මණ්ඩලයට වගේම ලොව පුරා විහිදී සිටින පාරිභෝගිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා.” RIOCOCO සමාගමේ උප සභාපති ටීෂා පෙරේරා මහත්මිය පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment