Saegis Campus, පොලී රහිත ශිෂ්‍ය ණය පහසුකම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් උපාධි පාඨමාලා පිරිනමයි

212

මෙරට ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් මූලික උපාධි පාඨමාලා සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් හඳුන්වාදෙන ලද පොලී රහිත ශිෂ්‍ය ණය සේවාව පිරිනැමීමට පියවර ගෙන තිබේ.

ශ‍්‍රී ලංකාව කලාපයේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ගමන්මග සවිමත් කිරීම මෙනුම ඕනෑම සිසුවකුට තමන් අභිමත ක්ෂේයක උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාකරදීමේ අරමුණින් යුතුව මෙම පහසුකම සලසාදී ඇත.

ඒ අනුව 2018, 2019 සහ 2020 වර්ෂවලදී සාර්ථකව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට විශ්වවිද්‍යාල ප‍්‍රතපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් මෙම උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදා වේ. රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ඇතුළුවීමට නොහැකිවූ සිසුන්ට මෙය මහඟු අවස්ථාවකි.

එහිදී, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය හා මූල්‍ය යන ක්ෂේවලට අදාළ විශේෂවේදී ව්‍යාපාර කළමනාකරය (ගෞරව), ව්‍යාපාර පරිපාලනවේදී (BBA) පරිගණක විද්‍යා, මෘදුකාංග ඉංජිනේරුවේදය සහ තොරතුරු තාක්‍ෂණය යන ක්ෂේවල අදාළ විශේෂවේදී විද්‍යාවේදී (ගෞරව) NSc (Hons)) සහ තොරතුරු තාක්‍ෂණවේදී (BIT) යන උපාධි පාඨමාලා සඳහා මෙම පහසුකම හිමි වේ. මෙම සියලූ උපාධි පාඨමාලාවලදී ඒ ඒ ක්ෂේයට අදාළ කර්මාන්ත පුහුණුවක් පිරිනැමීමද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment