Saegis Campus වෙතින් සිසුන්ට දිරිය අත්වැලක්

97

උසස් අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථයින්ට රැකියා ලෝකය තුළ සැබෑ අත්දැකීම් පිරිනැමීම අරමුණු කර ගනිමින්, ඔවුන්ට සිය විෂය ක්‍ෂේත‍්‍රය තුළ කර්මාන්ත පුහුණු අවස්ථා ලබාදීමට Saegis Campus පියවර ගෙන තිබේ.

එමෙන්ම පොලී රහිත ශිෂ්‍ය ණය පහසුකම හිමිවන Saegis Campus උපාධි පාඨමාලා හදාරන සිසුන්ට තරගකාරි රැකියා ලෝකයට සරිලන ලෙස තම නිපුණතා සහ හැකියා සංවර්ධනය කරගැනීමේ වටිනා අවස්ථාවක් ලබාදීමට සිලසුම් කර ඇතැයි නිවේදනය කර තිබේ.

මීට අමතරව වෘත්තීය මාර්ගෝපදේශනය සහ පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන්, නොමිලේ පැවැත්වෙන ඉංග‍්‍රීසි භාෂා පන්ති, ලියෝ සමාජය සහ රොට‍්‍රැක්ට් සමාජය, ඇතුළු තවත් පහසුකම් බොහෝමයක්ද මෙහිදී සිසුන්ට ලබාදීමට නියමිතය. මෙම පොලී රහිත ණය පහසුකම යටතේ ක‍්‍රියාත්මක උපාධි පාඨමාලාවලට අදාළ අයදුම්පත් ක‍්‍රියාවලිය සඳහා සිසුන්ට අවශ්‍ය සියලූ සහාය හා මාර්ගෝපදේශන සැලසීමට Saegis Campus සැදී පැහැදී සිටියි. එම අයදුම්පත‍්‍ර 2022 පෙබරවාරි 15 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි අතර 6වැනි කාණ්ඩයේ ශිෂ්‍ය අධ්‍යයන වර්ෂය 2022 ජුනි මාසයේදී ආරම්භවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment