safety institute පිහිටුවමින් ශ්‍රී ලංකාවේ ළදරු සත්කාරක නිෂ්පාදනවල සුරක්ෂිත බව වැඩි දියුණු කිරීම වෙනුවෙන් බේබි ෂෙරමි මුල පුරයි

47

ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි සිය නිෂ්පාදනවල ආරක්‍ෂිත ප්‍රමිතීන් ඉහළ නංවමින්, තත්ත්වයෙන් වඩාත් උසස් ළදරු සත්කාරක නිෂ්පාදන පෙළක් ලබා දීමේ අරමුණින් බේබි ෂෙරමි Safety Institute නමින් නව ආයතනයක් ස්ථාපිත කෙරිණි.

නවීනතම පර්යේෂණ සහ සංවර්ධන පහසුකම්වලින් සමන්විත මෙම ආයතනය රටේ සමස්ත ළදරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන සුවිශේෂී ආයෝජනයකි. ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය මෙන් ම අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි, ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආරක්‍ෂිත ප්‍රමිතීන් ඉහළ නැංවීමේ පුරෝගාමියාද වේ. නිෂ්පාදන සුරක්ෂිතතාවයේ දිනෙන් දින වෙනස්වන හා විකාශනය වන ස්වභාවය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බේබි ෂෙරමි සන්නාමය විසින් මෙම නව Safety Institute ආරම්භ කිරීම මගින්, මෙරට ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිත ආරක්ෂාව ඉහළ නැංවීම උදෙසා සිය කැප වීම තහවුරු කිරීමට සමත් වූ බව පැවසිය හැකිය.

safety institute පිහිටුවමින් ශ්‍රී ලංකාවේ ළදරු සත්කාරක නිෂ්පාදනවල සුරක්ෂිත බව වැඩි දියුණු කිරීම වෙනුවෙන් බේබි ෂෙරමි මුල පුරයි

නව බේබි ෂෙරමි Safety Institute මගින් වඩාත් ආරක්ෂිත ළදරු සත්කාරක නිෂ්පාදන සැපයීම සඳහා පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් හඳුන්වා දෙයි. මෙම පියවර අටේ ආරක්ෂණ ක්‍රියාවලියට පාරිභෝගිකයින් සමඟ නිෂ්පාදන සම-නිර්මාණය කිරීම, අමුද්‍රව්‍ය ප්‍රවේශමෙන් තෝරා ගැනීම, අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තක්සේරු කිරීම, ඇසුරුම් ප්‍රමිතිය හා ආරක්ෂාව තහවුරු කිරීම, නිෂ්පාදන ආරක්‍ෂිත බවට සායනිකව පරීක්ෂා කර තහවුරු කර ගැනීම, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ආයු කාලය තක්සේරු කිරීම සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් හා ඇගයීමේ ක්‍රියාවලිය ආදිය අයත් වේ.

ඡායාරූප – නිශාන් එස් . ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment