Sageis Campus උපාධිධාරීන්ට වැඩි රැකියා අවස්ථා පිරිනැමීමට Virtusa සමග අවබෝධතා ගිවිසුමකට

102

කොළඹ පිහිටි මෙරට ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Sageis Campus සිට උපාධිධාරීන්ට ඉහළ මට්ටමේ රැකියා අවස්ථා පිරිනැමීම අරමුණු කර ගනිමින්, මෙරට ඩිජිටල් නවෝත්පාදන ඉංජිනේරු අංශයේ ප‍්‍රමුඛයකු වන Virtusa පුද්ගලික සමාගම සමග පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

Virtusa ආයතනය සමග ඇතිකරගත් සහයෝගීතාව මගින් Sageis Campus උපාධිධාරීන්ට හිමිවන ප‍්‍රයෝජන රැසකි. තාක්‍ෂණය මත පදනම්වූ වර්තමාන ලෝකයේ ඉහළ ඉල්ලූමක් ඇති රැකියා අවස්ථාවක් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවීම ඒ අතුරින් විශේෂිත වේ. ඊට අමතරව දැනුම සහ කුසලතා අතර පවතින පරතරය අවම කර ගැනීමේ අවකාශයද ඔවුන්ට හිමි වේ. තවද ජාත්‍යන්තර වශයෙන් ජනප‍්‍රිය තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීම කරා යන ගමන සඳහා දායකවීමටද හැකියාව ලැබේ.

Sageis Campus උප කුලපති මහාචාර්ය නාලක ජයකොඩි සහ Virtusa ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ සම්පත් ත‍්‍රීමාවිතාන යන මහත්වරු අවබෝධතා ගිවිසුම හුවමාරු කරගන්නා අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment