SAMSUNG වසර 15 ක් අඛණ්ඩව ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස අබිසෙස් ලබයි

168

වෙළෙඳපොළ පර්යේෂණ සමාගමක් වන ඔම්ඩියා (Omdia) සමාගමට අනුව, සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව 15 වන වරටත් ගෝලීය රූපවාහිනී වෙළඳපොළේ ඉහළින්ම වැජඹීමට සමත්ව සිටී.

පෙබරවාරි 23 වන දින අලූතින් නිකුත් කරන ලද දත්තවලින් පෙන්වා දෙන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් 2020 හතරවන කාර්තුවේ ආදායමෙන් 31.8% ක ගෝලීය රූපවාහිනී වෙළෙඳපොළ කොටසක් අත්කර ගැනීමට සමත්ව ඇති බවයි. ඒ අනුව 2020 දී ආදායමෙන් 31.9%ක් වන විශාලතම වාර්ෂික වෙළෙඳපොළ කොටස එලෙසින්ම පවත්වා ගැනීමට ද සමාගමට හැකි විය.

SAMSUNG හි Visual Display Business තුළ සැම්සුන්ග් අත්කර ගෙන ඇති වර්ධනයෙන් පෙන්නුම් කරන්නේ වේගයෙන් වර්ධනය වන QLED, අඟල් 75 ට වැඩි අතිවිශාල තිර කාණ්ඩයේ නායකත්වය, Lifestyle TV හඳුන්වා දීම හා පුළුල් කිරීම ආදිය සමඟින් නිවසේදී රූපවාහිනී නැරඹීමේ අත්දැකීමක් ලබා දීම සඳහා වූ කැපවීමයි. එමෙන්ම නව නිපැයුම් බිහි කිරීමට සැම්සුන් තුළ ඇති අඛණ්ඩ උත්සාහයට ස්තුතිවන්නට ක්ෂේත‍්‍රය, කාණ්ඩය හා නිෂ්පාදනය ආදියෙහි ප‍්‍රමුඛයා වීමට සැම්සුන්ග් සමාගමට හැකිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment