SAMSUNG තිරසාර ජංගම සන්නිවේදකයන් සඳහා ‘’Galaxy for the Planet’’ හඳුන්වා දෙයි

91

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone සැපයුම්කරු වන සැම්සුන් මෑතකදී Galaxy for the Planet වැඩසටහන එළිදැක්වීය. ප‍්‍රමාණය, නවෝත්පාදනයන් සහ විවෘත සහයෝගීතාවයේ ස්වභාවය අනුව බලගැන්වුනු සැම්සුන් හි ජංගම සන්නිවේදන ව්‍යාපාරය සඳහා වූ තිරසාර වැඩසටහන වන්නේ Galaxy for the Planet ය. මේ හරහා දේශගුණික අර්බුද සඳහා නිශ්චිත පිළියම් යෙදීමට හැකි වීමද විශේෂත්වයකි.

2025 වන විට සමාගමෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සහ නිෂ්පාදන කි‍්‍රයාවලියේ සිට ඨ්ක්ංහ නිෂ්පාදන බැහැර කිරීම දක්වා වූ සම්පත් ක්ෂය වීම අවම කිරීම සඳහා සාක්ෂාත් කරගත යුතු මූලික ඉලක්ක ස්ථාපිත කර තිබේ.

”අනාගත පරම්පරාව වෙනුවෙන් අපගේ ලෝකය ආරක්ෂා කිරීමට නව්‍ය විසඳුම් ලබා දීමේදී සෑම කෙනෙකුටම ඉහළ කාර්යභාරයක් පැවරී ඇතැයි අපි විශ්වාස කරනවා. ලොව පුරා ඇති අපගේ සමස්ත Galaxy ecosystem හි පරිමාණයට, අපගේ ආභාෂයට හා විශාලත්වයට සරිලන ලෙස අපගේ ප‍්‍රයත්නයන් ගැලපිය යුතු බවට සැම්සුන් අවබෝධ කරගෙන සිටිනවා.” Galaxy for the Planet වඩාත් තිරසාර ලෝකයක් නිර්මාණය කිරීමේ අපගේ ගමනේ වැදගත් පියවරක් වන අතර, අප කරන සෑම දෙයක් සඳහා අපව මෙහෙය වනු ලබන විවෘතභාවය (openness), විනිවිදභාවය සහ සහයෝගීතාවය සමඟ අප එසේ කරන්නෙමු*’’ යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්‍ෂක කෙවින් සුන්ග්සු යූ පැවසුවේය. පාරිසරික බලපෑම් අවම කිරීම සහ ලොව පුරා ජනතාවට සහ ඊළඟ පරපුරේ නව නිපැයුම්කරුවන් සඳහා යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා අපගේ නිෂ්පාදනයේ සෑම අදියරකදීම තිරසාර ක‍්‍රමෝපායන් ඒකාබද්ධ කිරීම වැදගත් යැයි සැම්සුන් විශ්වාස කරයි. 2025 වන විට සිය මූලික අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට සැම්සුන් කටයුතු කරන අතර 2025 න් පසු නව අභියෝගයන්ට මුහුණ දීම සඳහා සිය කැපවීම් වර්ධනය කර ගැනීමට අරමුණු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment