SAMSUNG තුන්වන පරම්පරාවේ නවතම Foldable Smartphones වන Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හඳුන්වා දෙයි

408

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, සිය premium foldable smartphones වන Galaxy Z Fold3 5G’ සහ Galaxy Z Flip3 5G සඳහා සැප්තැම්බර් 16 දා සිට ඇණවුම් භාරගනු ලබන බව නිවේදනය කරනු ලැබීය.

සැම්සුන් තුන්වන පරම්පරාවේ නවතම කාණ්ඩය වන මෙම foldable devices කල් පවතින ලෙස නිර්මාණය කර ඇති අතර පාරිභෝගිකයාට වඩාත් ආකර්ෂණීය, සිත්ගන්නා සුළු හා නවමු අත්දැකීමක් විඳීමට අවස්ථාව සලසා දෙමින් ඔබ වෙත ඉදිරිපත් කරයිx සුවිශේෂී නිමාවක සිට පුළුල් තිර අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G කාර්යාලීය වැඩ කටයුතු කිරීමට, වැඩසටහන් ආදිය නැරඹීමට සහ විනෝද වීමට අද්විතීය නව ක‍්‍රමයන් රැුසක්ද පරිශීලකයින්ට තිළිණ කරයි.

උපරිම ඵලදායිතාවක් සහ වින්දනයක් සොයන පාරිභෝගිකයින් උසස් තත්ත්වයේ අද්විතීය කාර්යසාධනයක් සහිත සැබෑ multitasking powerhouse එකක අත්දැකීම ලබා දෙන Galaxy Z Fold3 වෙත යොමුවීමට කැමති වනු ඇත. 12MP තියුණු පසුපස කැමරා 3කින් සමන්විත Galaxy Z Fold3 සතුව 10MP සෙල්ෆි කැමරාවක්ද තිබීම ඡායාරූප ගැනීමට වැඩි කැමැත්තක් දක්වන පරිශීලකයන්ට නවමු අත්දැකීමක් එක් කරනු ඇත. අඟල් 7.6ක විශාලත්වයකින් යුතු පරිපූර්ණ Infinity Flex තිරයකින් සහ S pen ආධාරයෙන් ක‍්‍රියා කළ හැකි Foldable Smartphones එකක් ලෙස ප‍්‍රථම වරට හදුන්වා දී ඇති ’ Fold3 smartphone එක 12GB RAM සමග 256GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් යුතුව මිලදී ගැනීමේ අවස්ථාව ද සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් පාරිභෝගිකයින්ට සලසා දී ඇත. Flip3 යනු සුමට, හුරුබුහුටි, ඔබගේ සාක්කුවේ දැමිය හැකි ප‍්‍රමාණයේ නිමාවකින් යුතු smartphon එකක් වන අතර වැඩිදියුණු කළ විශේෂාංගවලින් යුතු කැමරාවකින් හා භාවිතා කිරීමට පහසු වන ලෙස විශාල ප‍්‍රමාණයේ තිරයකින් යුතු වීම නිසා ඔබ තවත් එයට ආකර්ෂණය වනු ඇත. නවීකරණය වන ලෝකයේ වේගවත්ව සහ වැඩි වැඩියෙන් මිනිසුන්ට තමන්ගේම අත්දැකීම් වෙත ළගාවිය හැකි පරිදි විවෘත පරිසරයක් නිර්මාණය කිරීම වඩාත් ඵලදායී බව අප විශ්වාස කරනවා.

එමනිසා අන්කවරදාටත් වඩා පසුගිය වසර තුළ තාක්ෂණය කෙරෙහි අපගේ අවධානය වැඩි වශයෙන් යොමු කරනු ලැබුවා. නමුත් සෑම දෛනික කටයුත්තක්ම තාක්ෂණය ඔස්සේ නව්‍යකරණයකට ලක්වීම තරමක් අභියෝගාත්මකයි. Foldable සඳහා S Pen හා under-display camera වැනි පළමු වරට හඳුන්වා දෙන ලද විශේෂාංග සමඟින් මෙන්ම ජලයට ඔරොත්තු දෙන IP rated තාක්ෂණයෙන් යුතු මෙම devices පරිපූර්ණ ඉහළ තාක්ෂණික නිර්මාණයක්.’’ යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment