Samsung ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ‘සැම්සුන් සහන’ හඳුන්වා දෙයි

74

සමස්ත ශ්‍රී ලංකාවම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අර්බුදකාරී කාලවලදී සිය පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා මෙරට ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන Samsung ‘සැම්සුන් සහන’ නමින් නව ප්‍රවර්ධන වැඩසටහනක්
පසුගියදා එළිදැක්වීය-

විනෝදාස්වාද පද්ධතියක් (entertainment system) මිලදී ගැනීමෙන් ඔබගේ නිවස අලංකරණයට පමණක් නොව පවුලේ සැමට එක්ව රසවින්දනාත්මක අත්දැකීමක් විඳීමට කැමැති පාරිභෝගිකයින් සඳහා සිය රූපවාහිනී පරාසය සඳහා රුපියල් 900,000ක් දක්වා දැවැන්ත වට්ටම් ලබා දෙමින් සහන සැලසීමට Samsung පියවර ගෙන තිබීම කැපී පෙනේ. ආර්ථික උද්ධමනය හේතුවෙන් රූපවාහිනී මිල ගණන් ඉහළ මට්ටමක පවතින අවස්ථාවක මෙම සැම්සුන් සහන ප්‍රවර්ධනය යටතේ පාරිභෝගිකයින්ට රුපියල් 900,000/- දක්වා වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙමින් පාරිභෝගිකයින්ට Samsung TV මිලදී ගැනීමට හැකියාව ඇත-

advertistmentadvertistment
advertistmentadvertistment