Samsung ලෝක සාගර දිනයට සමගාමීව සමුද්‍ර ආරක්ෂණය සඳහා වූ සිය කැපවීම යළිත් අවධාරණය කරයි

46

ශ්‍රී ලංකාවේ අංක 1 smartphone සන්නාමය වන සැම්සුන් ඉවත දැමූ ධීවර මාළු දැල් ඔවුන්ගේ smartphones වලට එක්කරන ප්‍රයත්නය සමඟින් සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම උදෙසා ඇති ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කළේය.

පසුගිය දශකය පුරාවට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් ස්වභාවික සම්පත් කෙරෙහි අවධානය යොමුකරමින් තම නිෂ්පාදන සැලසුම් කිරීමට සහ සංවර්ධනය කිරීමට කටයුතු කළේය. සැම්සුන් හි ඒ වෙනුවෙන් වූ නවතම පියවර වූයේ මෑතකදී Galaxy තාක්‍ෂණය සහිත නව අමුද්‍රව්‍යයක් නිර්මාණය කිරීමයි. සාගර ආශ්‍රිතව ඇති ඉවත දැමූ ධීවර මාළු දැල් නැවත වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීමේ අරමුණින් (repurposed) මෙම නව අමුද්‍රව්‍ය නිපදවනු ලබයි.

ඉවතලන ධීවර මාළු දැල් සාගර ජීවීන්ට සහ ස්වභාවික පරිසර පද්ධතිවලට බරපතල තර්ජන එල්ල කරයි. මුහුදු ජලයට සහ පාරජම්බුල කිරණවලට දිගු කාලීනව නිරාවරණය වීම හේතුවෙන් මාළු දැල් දිරාපත් වී කැබලි ලෙස ජලයට මුසුවන අතර එය නැවත වැඩිදියුණු කිරීම අපහසු වෙයි. මෙම ගැටළුවට පිළියමක් සොයා ගැනීම සඳහා සාගර සුරකින අතරතුර සැම්සුන් සිය smartphones වල ගුණාත්මකභාවය පවත්වා ගෙන යන අමුද්‍රව්‍යයක් ද නිර්මාණය කළේය.

බාධක බිඳ දමමින් කාර්යසාධනය සහ තිරසාරත්වය පවත්වාගත හැකි නවෝත්පාදනයන් නිර්මාණය කිරීමට සියලුදෙනාගේ සහයෝගීතාව ඉතා වැදගත් බව සැම්සුන් සැමවිටම විශ්වාස කරයි. එබැවින් නව හැකියාවන් තුළින් සාගර දූෂණය යන සංකීර්ණ අභියෝගයට මුහුණ දීම වෙනුවෙන් සැම්සුන් මේ හා සමාන අදහස් දරන තවත් සංවිධාන සමඟ අත්වැල් බැඳගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment