SAMSUNG 5G හැකියාව ඇති Smartphones කාණ්ඩයකට Dialog හි 5G Trial Network තුළට ප‍්‍රවේශ වීමට අවස්ථාව

200

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන් මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටාහි සහාය ඇතිව සිය Galaxy ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩයකට 5G තාක්ෂණික පහසුකම් සක‍්‍රීය කළ බව නිවේදනය කර සිටී.

මේ අනුව සැම්සුන් පරිශීලකටයින් දැන් ඩයලොග් හි 5G Trial Network තුළ ඔවුන්ගේ 5G හැකියාව සහිත device එක භාවිත කරමින් 5G තාක්ෂණයෙන් සන්නද්ධ වී සිටී.

සැම්සුන් මෑතකදී 5G හැකියාව ඇති Samsung Galaxy S21 කාණ්ඩයේ Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra සඳහා ඩයලොග් හි 5G Trial Network තුළට ප‍්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම අනුව යමින් මෙය සිදු කිරීම විශේෂත්වයකි. මේ වන විට සැම්සුන් Galaxy Z Fold3 හා Flip3 5G” සැම්සන් Galaxy F42 5G” Galaxy A22 5G සහ Galaxy Z Fold2 යන සැම්සුන් ස්මාර්ට් ජංගම දුරකතන 5G තාක්ෂණය සහිතය. මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ, කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘ඩයලොග් වෙතින් ලැබෙන විශාල සහයෝගය සමඟින් අපගේ පුළුල් පරාසයක smartphones රැසකට අවසානයේදී 5G තාක්ෂණය හඳුන්වා දීමට ලැබීම ගැන අප සිටින්නේ දැඩි උද්යෝගයෙන්. පහසුව, හැඩය හා තාක්ෂණය ඔබේ අතටම ගෙන එමින් හා 5G තාක්ෂණය මගින් ඔබ වෙත ගෙන එනු ලබන නවතම ප‍්‍රතිලාභවලින් එය සමන්විත වන නිසා සැම්සුන් දැන් අනාගතය සඳහා සූදානම්.’’ යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment