SAMSUNG Galaxy 5G ස්මාර්ට්ෆෝන් සඳහා Twelve 5G Bands තාක්ෂණය සමඟින් සිය Ready 5G නිෂ්පාදන කළඹ තවත් ශක්තිමත් කරයි

209

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් එළැඹෙන උත්සව සමය සඳහා මෙරට සැම්සුන් හි පුළුල් හා විශාල 5G නිෂ්පාදන කළඹ සමඟින් සිය පාරිභෝගිකයින්ට ලබා දුන් 5G පොරොන්දුව තවත් ශක්තිමත් කළ බව නිවේදනය කර සිටී.

පුළුල් පාරිභෝගික ජනතාවකට ශක්තිමත් නවෝත්පාදයන් වෙත ප‍්‍රවේශ විය හැකි පරිදි සැම්සුන් හි නවතම SAMSUNG Galaxy 5G මාලාව හඳුන්වා දී ඇත.

”සැම්සුන් සැමවිටම පාරිභෝගිකයින් වෙත අර්ථවත් නවෝත්පාදනයන් ගෙන දෙන අතර මෙම අලූ‍තින් එළිදැක්වූ SAMSUNG Galaxy 5G අනාගතයට සූදානමින් සිටින අපගේ පාරිභෝගිකයින්ට නිමක් නැති හැකියාවන් සඳහා දොරගුළු විවර කරනවා. මෑතකදී හඳුන්වා දෙන ලද Galaxy Z Fold3 5G” Z Flip3 5G” A52s 5G” Galaxy M52 5G සහ Galaxy F42 5G අර්ථවත් තාක්‍ෂණයක් සහ නිෂ්පාදන ගෙන ඒම සඳහා සැම්සුන් සමාගමේ කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂි ලෙස පෙන්වා දිය හැකියි. අපගේ අරමුණ වන්නේ 5G තාක්ෂණය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් පසු පළමුවෙන්ම එම 5G ප‍්‍රතිලාභ ලබන්නන් බවට අපගේ පාරිභෝගික ජනතාව පත් කිරීමයි. එමගින් ඔවුන්ට සුපිරි වේගය, ඉතා අවම ප‍්‍රමාදය සහ අඛණ්ඩව වීඩියෝ නැරඹීම ආදී අත්දැකීම් අත්විඳිය හැකියි.” යනුවෙන් ‍සැම්සුන් ශ‍්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්‍ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment