Samsung Galaxy A03 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

51

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය මෙන්ම ඔවුන්ගේ Galaxy A කාණ්ඩයේ සුපිරි smartphones මාලාවට එක් වූ නවතම device එක වන Galaxy A03 පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය.

අතිවිශාල විවිධත්වයක් ඇති සැම්සුන් smartphones අතර වෙනසක් ඇති කළ හැකි Galaxy A03 විශාල display” අද්විතීය කැමරාව සහ විශිෂ්ට අත්දැකීමක් සමඟින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘Galaxy A03 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම ගැන අප ඉතා සතුටට පත් වෙනවා. smart විශේෂාංග සමඟ කැටි වූ එහි ඇති සුපිරි තාක්‍ෂණය ඔබට වැඩියෙන් browse කිරීමට, වැඩිපුර වීඩියෝ ක‍්‍රීඩා කිරීමට, උසස් තත්වයේ හා අලංකාර ඡායාරූප හා වීඩියෝ වැඩියෙන් ග‍්‍රහණය කර ගැනීමට සහ රසවත් අත්දැකීම් ජීවිතයට එක් කරගැනීමට අවස්ථාව සලසනවා. සැම්සුන් පාරිභෝගිකයන් කවදත් අපගේ නිෂ්පාදන සතුටින් වැළඳගෙන තිබෙන නිසා පාරිභෝගිකයින්ගේ සැම්සුන් අත්දැකීම ඉහල නැංවීමට අලූත් සහ වැඩිදියුණු කළ නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳව අපට ඇත්තේ ඉමහත් සතුටක්. ’’ යනුවෙනි.

Galaxy A03 සමඟින් ඔබගේ නැරඹුම් අත්දැකීම උපරිමයෙන් අත්විඳින අතරතුර එහි අඟල් Infinity-V Display එක සමඟින් ඔබ මෙතෙක් අත් නොවිඳි පුළුල් නැරඹුම් අත්දැකීමේ වෙනස වටහා ගන්න. මෙහි ඇති HD+ තාක්ෂණය නිසා ඔබ දෛනිකව නරඹන අන්තර්ගතයන් වඩාත් තියුණු, නැවුම් හා පැහැදිලි ආකාරයෙන් දිස් වනු ඇත. ග‍්‍රහණය කර ගැනීමට පහසු හා සුසිනිඳු හැඩයකින් හා නිමාවකින් එන Galaxy A03 මගින් ඔබගේ ප‍්‍රියතම වීඩියෝ සම්පූර්ණයෙන් පහසුවෙන් රසවිඳීමට ඔබට ඉඩකඩ සලසයි. Galaxy A03 හි ආකර්ෂණීයත්වය තවත් වැඩි කරන අංගයක් වන්නේ එහි කැමරාව ආසන්නයේ ඇති ඉරි සහිත රටාවයි (striped pattern). කළු සහ නිල් වර්ණවලින් දැන් මෙය ඔබට ලබා ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment