SAMSUNG Galaxy S22 5G කාණ්ඩය  සුවිශේෂී දීමනා සමඟින් වෙළෙඳපොළට එක්වෙයි

240

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් ඔවුන්ගේ වඩාත් ප‍්‍රබලතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S22 5G කාණ්ඩය නොමිලේ Galaxy Buds හා free Data වැනි සුවිශේෂී දීමනා සමඟින් පෙර ඇණවුම් භාරගනු ලබන බව නිවේදනය කර ඇත. Premium smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Note කාණ්ඩයේ ඇති ප‍්‍රධාන විශේෂාංග, prograde කැමරාව සමඟින් එයටම සුවිශේෂී වූ S-Pen සහ S කාණ්ඩයේ ඇති ඉහළම ක‍්‍රියාකාරීත්වය ආදියෙන් Galaxy S22 Ultra 5G සමන්විත වේ. ඉතා ආකර්ෂණීය මෙන්ම මනා හැඩයකින් හා තිරසාරභාවය ගැන වැඩි සැලකිල්ලක් යොමුකරමින් නිර්මාණය කර ඇති Galaxy S22 5G ys advanced intelligent
imaging තාක්ෂණය සහිත ක‍්‍රියාශීලී කැමරාව ඔබගේ ජීවිතයේ සෑම මොහොතක්ම සොඳුරු මොහොතක් බවට පත් කරනු නොඅනුමානය. එමෙන්ම Galaxy S22 5G කාණ්ඩය ඩයලොග් හි 5G Trial Network තුළට ප‍්‍රවේශය සහිතව හඳුන්වා දී තිබීම විශේෂිතය.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ,Galaxy S22 5G යනු නිමක් නැති ගමනක් වෙත ඔබ රැගෙන යන වේදිකාවක්. සැම්සුන් හි, අපි එය ඉතා අගය කොට සලකනවා. අද්විතීය pro-grade කැමරාවල සිට විනෝදාස්වාදය දක්වා Galaxy S22 5G කාණ්ඩය පරිශීලකයින්ට ඔවුන් හඹායන ජීවිතයේ සෑම ආශාවක්ම අභිබවා යාමට ප‍්‍රයෝජනවත් මාර්ග ලබාදීමට බලපොරොත්තුවෙන් සිටිනවා. අපගේ මෙම නවතම premium ස්මාර්ට් ජංගම දුරකතනය මෙරට සිටින සැම්සුන් Galaxy smartphone ලෝලීන්ට ඉතා උසස් අත්දැකීම් ඉතා වැදගත් එක් ප‍්‍රධාන device එකක් මගින් ලබාදෙනු ඇත. Galaxy ී22 මෙරට smartphones අනාගතය නව පරිවර්තනයක් කරා නිසැකවම ගෙන යනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙනි.

Galaxy S22 Ultra 5G සතුව එන S Pen විශේෂාංගය අප මෙතෙක් නිර්මාණය කර ඇති වේගවත්ම හා වඩාත් ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන සුළු S Pen එක ලෙස හඳුන්වා දිය හැකිය. 70%ක අවම latency හැකියාව සමඟින් S Pen මගින් ඔබට ඔබගේ S22 Ultra 5G හි පුළුල් තිරය මත පහසුවෙන් ලිවීමට හා ඇඳීමටත් අලූත් apps පිළිබඳව ගවේෂණය කිරීමට හැකිය. තවද S Pen සමඟින් Galaxy Note කාණ්ඩයේ උරුමය වැළඳගන්නා අතරතුර නිර්මාණශීලී වීමට හා අලූත් දේවල් කිරීමට නව මාර්ග විවෘත කරයි. එමගින් අන් කවරදාවත් නොවිඳි ආකාරයේ ජංගම දුරකතන අත්දැකීමක් ඔබ වෙත රැගෙන එයි.

Galaxy S22 Ultra 5G 2.4um pixel sensor සහිතව නිර්මාණය කර ඇති බැවින් ඕනෑම ආලෝක තත්වයක් යටතේ සුපැහැදිලි ඡායාරූප හා වීඩියෝ සැණෙකින් ලබා ගැනීමේ හැකියාව නොමඳව ලබා දෙයි. සැම්සුන් ජංගම දුරකතනයක මෙතෙක් පැවැති විශාලතම pixel sensor එක වන මෙමගින් ඔබ කැමති ආකාරයේ විශිෂ්ට ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන් එහි ඇති Super Clear Glass කැමරා lens හේතුවෙන් වඩා පැහැදිලි ඡුායාරූප ලබා ගැනීමට මෙන්ම රාත‍්‍රී කාලයේදී සුපැහැදිලි වීඩියෝ ලබා ගැනීමටද උපකාර වනු ඇත. Galaxy S22 Ultra 5G ys Auto Framing තාක්ෂණය හේතුවෙන් ඔබ මිතුරන් සමඟ වීඩියෝ ගැනීමේදී පුද්ගලයන් 10 දෙනෙකු සිටියද එහි කැමරාවේ focus එක ස්වයංක‍්‍රීයව වෙනස් වන නිසා ඔබේ කැමරාව පැහැදිලිව ඒ සෑම කෙනෙකුම ග‍්‍රහණය කරගනී. තවද වැඩි Zoom අවකාශය හා quadruple-lens කැබි සහිත කැමරාව සමඟින් Galaxy S22 Ultra 5G සැම්සුන් smartphone අතර ප‍්‍රබලතම කැමරාව බව යළි යළිත් තහවුරු කරනු ඇත.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළෙඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment