SAMSUNG #LeanestMeanestMonsterEver Galaxy M52 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

175

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන්, එහි M කාණ්ඩයේ දැනට ඇති ආකර්ෂණීයතම සහ ප‍්‍රබලම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy M52 5G මෙරටට හඳුන්වාදී ඇත.

7.4mm ඝනත්වය, ආකර්ෂණීය පෙනුම, 6nm Snapdragon 778G ප්‍රොසෙසරය, super AMOLED 120Hz display” 5000mAH ‍ බැටරිය සහ 11 5G bands තාක්ෂණයෙන් සමන්විත #LeanestMeanestMonsterEver Galaxy M52 5G සැබවින්ම පාරිභෝගික අවධානය දිනා ගනු නොඅනුමානය.

”පාරිභෝගිකයින් වෙත අර්ථවත් නවෝත්පාදනයන් ගෙන ඒමේ අරමුණින් 2019 දී හඳුන්වා දෙන ලද ඨ්ක්ංහ ඵ කාණ්ඩය, එතැන් සිට Monster display, කාර්යසාධනය හා බැටරිය වැනි ප‍්‍රධාන පෙළේ බොහෝ විශේෂාංගයන් සමඟින් කැපී පෙනෙන පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. අපගේ නවතම #LeanestMeanestMonsterEver Galaxy M52 5G හඳුන්වා දීමත් සමඟින් සැම්සුන් හි දර්ශනයට අනුව යමින් අපගේ සීමා මායිම් අප තවදුරටත් පුළුල් කරමින් සිටිනවා. මෙහි ඇති නවතම Snapdragon 778G ප්‍රොසෙසරය සහ 120Hz super AMOLED+ display සමඟින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප‍්‍රියතම අන්තර්ගතයන් නරඹන අතරතුර හෝ වීඩියෝ ක‍්‍රීඩා කරමින් වඩාත් වින්දනීය අත්දැකීමක් ලබා ගත හැකියි. defense-grade Knox ආරක්ෂාව හා 11 5G bands තාක්ෂණය සහිතව Galaxy M52 5G ඔබ වෙත හඳුන්වා දී ඇති අතර මෙම device එක මගින් ඔබව අනාගතයට සුදානම් කරවනවා පමණක් නොව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දත්තවල ආරක්ෂාව පිළිබඳ සහතික වෙමින් උපරිම ආරක්ෂාවක්ද සලසා දෙනු ලබනවා. එමෙන්ම මේ සියලූ විශේෂාංග සමඟින් 7.4mm ඝනත්වයකින් යුතු ඉතා සිහින් හා අලංකාර හැඩයකින් මෙය නිර්මාණය කර තිබීම විශේෂයි.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment