SAMSUNG Smart Things යෙදවුම (app) භාවිතයෙන් AI Ecobubble™ රෙදි සෝදන යන්ත‍්‍රය දුරස්ථව පාලනය කරන්න

200

අපි ගත කරන කාර්යබහුල ජීවිතය තුළ රෙදි සේදීම වැනි ගෙදර දොරේ වැඩ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කිරීම අපට තරමක් අපහසු කාර්යයකි- Smart Things app එකෙහි සහාය ඇතිව අනෙක් සම්බන්ධිත devices සමඟ සැම්සුන් AI Ecobubble™ රෙදි සෝදන යන්ත‍්‍ර සම්බන්ධ කරන අතර ඔබට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඔබගේ රෙදි සෝදන යන්ත‍්‍රය පාලනය කළ හැකි වේ. එමගින් කරදරයකින් තොරව රෙදි සේදීමේ අත්දැකීමක් ඔබට ලබා ගත හැකි වීම මහත් අස්වැසිල්ලක් වනු ඇත.

SmartThings app මත ඒච කිරීමෙන් ඔබගේ රෙදි සෝදන යන්ත‍්‍රය සමඟ ඔබට කළ හැකි අපූරු දේවල් අප විමසා බලමු.

රෙදි සේදී ඇත්දැයි සොයා බැලීමට රෙදි සෝදන යන්ත‍්‍රයේ සංඥාවලට සවන් දෙමින් එය අසල රැඳී සිටීම තවදුරටත් අවශ්‍ය නොවේ. රෙදි සේදීම අවසන් වූ විට, එහි ඇති Smart Control තත්වය වෙනස් වූ විට හෝ කිසියම් දෝෂයක් ඇත්නම් SmartThings app එක හරහා ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට, සැම්සුන් Smart TV හෝ Family Hub ශීතකරණයට ඔබට එය දැනුම් දිය හැකිය. ඔබට app එකේ පැබම කොටස යටතේ ඇති settings වලින් අවශ්‍ය නම් අදාල notifications අක‍්‍රීය කළ හැකිය.

SmartThings app සමඟ ඔබට සේදීමට අවශ්‍ය රෙදි ප‍්‍රමාණය අනුව අවශ්‍ය රෙදි සේදුම් කි‍්‍රයාවලිය තේරීමෙන් ඔබට ඔබගේ රෙදි සෝදන යන්ත‍්‍රය පාලනය කළ හැකිය. උෂ්ණත්වය හෝ කැරකෙන වේගය වැනි අමතර විකල්ප ද මෙම app එක හරහා ඔබට තෝරාගත හැකිය.

බොහෝ රෙදි සේදුම් කි‍්‍රයාවලීන් සහ විකල්ප සමඟ ඔබගේ ඇඳුම් සඳහා නිවැරදි රෙදි සේදුම් කි‍්‍රයාවලිය තෝරා ගැනීම වඩාත් ඵලදායී වෙයි. නමුත් SmartThings app හි ඇති Laundry Recipe විශේෂාංගය සමඟින් ඔබගේ රෙදි සේදීම සඳහා වඩාත් නිවැරදි රෙදි සේදුම් කි‍්‍රයාවලිය සොයා ගෙන භාවිතා කිරීමෙන් ඔබට වඩාත් පහසු අත්දැකීමක් ලබා දෙයි. ඔබ සෝදා ගන්නා රෙදි වර්ග, වර්ණය සහ අපවිත‍්‍ර වී ඇති ප‍්‍රමාණය තෝරාගත් පසු රෙදි සෝදන Laundry Recipe විශේෂාංගය මඟින් ඔබගේ රෙදි සේදීම වඩාත් විධිමත්ව සිදු කර ගැනීම සඳහා සුදුසු tips, මෙහෙයුම් කි‍්‍රයාවලීන්, උෂ්ණත්වය යනාදිය යෝජනා කරයි.

ඔබගේ රැකියාවේ කාර්යබහුල දිනක දී නැවත නිවසට පැමිණෙන වේලාව පිළිබඳව ඔබට නිසි අදහසක් නොමැති වූ නමුත් SmartThings app හි ඇති Laundry Planner විශේෂාංගය සහායෙන් ඔබට ඔබගේ රෙදි සේදීම අවසන් විය යුතු කාලය සැලසුම් කරගත හැකිය. රෙදි සෝදන යන්ත‍්‍රයේ දොර වසා දමා එයට ඩිටර්ජන්ට් එකතු කර ඔබ පිටත්ව යාමට පෙර Smart Control ක‍්‍රියාත්මක කරන්න. ඔබට SmartThings app එකෙහි සහාය ඇතිව ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබගේ සේදුම් කි‍්‍රයාවලිය සැලසුම් කිරීමට Laundry Planner භාවිතා කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment