Screenshot

37

යාල ජාතික වනෝද්‍යානයෙන් කළු පැහැති කොටියකු හමුව ඇති බවට පළමුව වාර්තා කළ මාධ්‍ය ආයතනය ‘දිවයින’ යි. ඊට මල් පිදීම් සහ ගල් ප්‍රහාර ද එල්ල විය. ඒ අප ව්‍යාජ ප්‍රවෘත්ති මවන බවටය. එනමුත් මෙම තොරතුර සැබෑ කරමින් ඉකුත්දා කළු කොටියකු ප්‍රථම වරට කැමරා කාචයක සනිටුහන් කර ගැනීමට පරිසරවේදී වසන්ත වනිගසූරිය මහතා සමත් වී ඇත. ඔහු විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයක් ඔහුගේ මුහුණු පොතේ පළවූ අතර, බොහෝ දෙනා එය බෙදාගෙන තිබිණි. මෙහි දැක්වෙන්නේ එම අගනා ඡායාරූප පෙළයි. මේ සාක්ෂි අනුව යාල වනෝද්‍යානයේ කළු කොටියකු සිටින බව දැන් ස්ථිර වී ඇත. අනතුරුව දැන් අපට ඇත්තේ මේ දුලභ ජාන විකරණය වූ කොටියා ආරක්ෂා කිරීමේ වගකීමයි. මෙම කළු කොටියා ශ්‍රී ලංකාවේ වෙසෙන පුල්ලි ඇති සාමාන්‍ය කොටියාගේම ජාන විකරණය වූ කොටියකු මිස වෙනත් විශේෂ සත්ත්වයකු නොවේ. එසේ හෙයින් මොහුද, Panthera pardus kotiya ලෙසම විද්‍යාත්මකව හැඳින්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment