Screenshot

85

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. එමෙන්ම Digital අවකාශය තුළම තවත් Digital ප්‍රකාශනයක් බෙදා හදා (Share and Link) ගැනීමකි. මේ මගින් කාලීනව ජනප්‍රිය වන (Hit) මුහුණු පොතක ප්‍රකාශනයක් (Post) කොපිකර උපුටා දැක්වීම සිදු කෙරේ. ඒ අදාළ මුහුණු පොතේ හිමිකරුගේ අවසරය ඇතිවය.

මෙවර අපගේ Screenshot හැඩවන්නේ කමේෂ් කගීවගේ මුහුණු පොතෙනි. කමේෂ් වෘත්තියෙන් යාල ජාතික උද්‍යානයේ වෘත්තීය සෆාරි ජීප් රථ සේවා සලසන්නෙකි. ඒ සඳහා ඔහුට ඔහුගේම ජීප් රථයක් ඇත. එසේම, ඔහු යාල වනෝද්‍යානයට පැමිණෙන අයගේ අවශ්‍යතාව පරිදි උද්‍යානය තුළටම ගැමි ආහාර සපයාදීම ද සිදු කරයි. ඒ සියල්ලටත් වඩා ඔහු ඉතා හොඳ වනජීවී ඡායාරූප ශිල්පියකු හා කෙටි වීඩියෝ දර්ශන නිෂ්පාදකයෙකි. මේ බව අපට ඔහුගේ මුහුණු පොතෙන් මනාව පසක් කර ගත හැකිය. මෙම වීඩියෝ දර්ශන ඔහුගේ YouTube චැනලයෙන්ද නැරඹිය හැකිය.

යාලට වැස්ස අඩු මේ සමය ශ්‍රී ලංකානු දිවියා නොහොත් කොටියා හොඳින් දැකගන්නට හැකි කාලයක් ලෙස ප්‍රකට වී ඇත. මේ සමයේ පැටවුන් සමග කොටි දෙනුන් කිහිපදෙනෙක්ම යාලේ සැරිසරනු දැකගත හැකි අතර, ප්‍රකට පිරිමි කොටි කිහිපදෙනෙක්ද යාලට ජීවයක් ගෙන දේ. මෙම කොටින් බලන්නට යන බොහෝ සංචාරකයින් කමේෂ් ගේ සෆාරි ජීප් රථයට නගින්නේ කොටින් පෙන්නන්නට ඔහු දක්ෂයකු නිසාය. එසේම, මේ දිනවල ප්‍රකටවී ඇති කොටි හා පැටවුන් සමග කොටි දෙනුන් කිහිප දෙනකුම ඔහුගේ මෙම මුහුණු පොතෙන් දැකගත හැකිය.

Screenshot

#YalaSafariSriLanka
#BigCatsphotography #WildExplore
#wildphotography

advertistmentadvertistment
advertistmentadvertistment