Screenshot

95

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. එමෙන්ම Digital අවකාශය තුළම තවත් Digital ප්‍රකාශනයක් බෙදා හදා (Share and Link) ගැනීමකි. මේ මගින් කාලීනව ජනප්‍රිය වන (Hit) මුහුණු පොතක ප්‍රකාශනයක් (Post) කොපිකර උපුටා දැක්වීම සිදු කෙරේ. ඒ අදාළ මුහුණු පොතේ හිමිකරුගේ අවසරය ඇතිවය.

Screenshot

අද Screenshot හැඩවන්නේ ප්‍රකට සත්ත්වවේදී ආචාර්ය රුචිර සෝමවීරගේ මුහුණු පොතෙනි. රුචිර උරගයින් පිළිබඳව විශේෂඥයෙකි. සර්පයන්, කිඹුලන් ඇතුළු සිව්පා උරගයන් පිළිබඳව පර්යේෂකයකු වන ඔහු ශ්‍රී ලංකාවේ සර්පයන් පිළිබඳව ග්‍රන්ථ රචකයකුද වේ. එසේම ඔහු උරගයන් පිළිබඳව රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ලෝපතල නැෂනල් ජියෝග්‍රැෆික් වැනි නාලිකා තුළින් උරගයන් පිළිබඳව සත්‍ය තොරතුරු ආකර්ෂණීය ලෙස ලොවට බෙදාදෙයි. අලුත්ම ක්‍රොකඩයිල් හන්ටර් ලෙස අන්වර්ථ නාමයකින්ද හඳුන්වන රුචිර, දැන් ඔස්ටේ්‍රලියාවේ පදිංචිව එහි පර්යේෂකයකු , විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සේවය කරන අතර, ආසියාව, අප්‍රිකාව, ඔස්ටේ්‍රලියාව ඇතුළු මහාද්වීප 4 ක එකවර තම පර්යේෂණ හා ඉදිරිපත් කිරීමේ කටයුතු සිදුකරගෙන යයි. මේ ඔහු ලොව ප්‍රකට වනෝද්‍යානවල හා කොමඩෝ ඩ්‍රැගන් උරගයන් ඇතුළු සත්ත්ව ප්‍රජාව පිළිබඳ තොරතුරු තම මුහුණු පොතේ පළකර ඇති අන්දමයි….

advertistmentadvertistment
advertistmentadvertistment