Screenshot

149

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. එමෙන්ම Digital අවකාශය තුළම තවත් Digital ප්‍රකාශනයක් බෙදා හදා (Share and Link) ගැනීමකි. මේ මගින් කාලීනව ජනප්‍රිය වන (Hit) මුහුණු පොතක ප්‍රකාශනයක් (Post) කොපිකර උපුටා දැක්වීම සිදු කෙරේ. ඒ අදාළ මුහුණු පොතේ හිමිකරුගේ අවසරය ඇතිවය.

මෙවර Screenshot හැඩවන්නේ රශිත ශාරද ප්‍රනාන්දුගේ මුහුණු පොතෙනි. රශිත, වනජීවී හා පාරිසරික ඡායාරූප ශිල්පියකු මෙන්ම පාරිසරික ක්‍රියාකාරිකයකුද වේ. තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයකු ලෙස රට පුරා විවිධ ක්‍රියාකාරකම් සහ පාරිසරික අධ්‍යයන කටයුතුවල නිරත ඔහු, ඉතා දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු ද වේ.

Screenshot

ඔහු ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෙකු වන “ශ්‍රී ලංකා අළු කෑදැත්තා – Sri Lanka Greyhorn Bill” කුරුල්ලකුගේ කැදැල්ලක් නිරීක්ෂණය කර එහි ඉරියව් ඡායාරූපයට නගා ඊට පැහැදිලි කිරීමක් ද එකතු කර ඔහුගේ මුහුණු පොතේ පළ කර ඇත.

කෑදැත්තන් ගස් බෙනයක බිත්තර දමා පැටවුන් බිහිකරගන්නා අතර, බිත්තර රකින සමස්ත කාලය පුරා කෑදැත්තිය (කිරිල්ලිය) බෙනය තුළට දමා කට වටා මැටි ආස්තරණය කර, වසා කිරිල්ලිය පෝෂණය කිරීම පිරිමි කුරුල්ලාගේ සුවිශේෂී චර්යාවකි. මෙය දකින්නට දුලබ සංසිද්ධියකි.

advertistmentadvertistment
advertistmentadvertistment