Screenshot – Digital

86

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. එමෙන්ම Digital අවකාශය තුළම තවත් Digital ප්‍රකාශනයක් බෙදා හදා (Share and Link) ගැනීමකි. මේ මගින් කාලීනව ජනප්‍රිය වන (Hit) මුහුණු පොතක ප්‍රකාශනයක් (Post) කොපිකර උපුටා දැක්වීම සිදු කෙරේ. ඒ අදාළ මුහුණු පොතේ හිමිකරුගේ අවසරය ඇතිවය.

Screenshot - Digital

මෙවර අපගේ Screenshot හැඩවන්නේ UNESCO සංවිධානයේ මුහුණු පොතෙනි. ලෝක උරුම සම්මුතිය (World Heritage Convention)ට වසර 50 ක් පිරීම නිමිත්තෙන් මෙම මුහුණු පොතේ ඉතා ආකර්ෂණීය හා කාගෙත් සිත් ඇදගන්නා ලෝක උරුම කිහිපයක පින්තුර රැසක් හා ඒ පිළිබඳ තොරතුරු පළකර තිබිණි.

ඒ ලෝක උරුම සංචාරය ලෙස නම් කරමින් එක් එක් ලෝක උරුමය පිළිබඳව කතා කරමිනි. වැනීසිය, ටජ්මහල, මාචු-පිචු ස්මාරකය සහ පෙට්‍රා වැනි ස්ථාන ඒ අතර වේ.

පෙට්‍රා පිළිබඳව ඇති දීර්ඝ සටහනක දැක්වෙන්නේ අර්ධයක් නිර්මාණය කරන ලද හා අර්ධයක් ගල් පර්වතයක් කැන සාදන ලද ඒ අගනා ගෘහ නිර්මාණයේ විශ්මයජනක බව පිළිබඳවය.

මේ අනුව UNESCO ලෝක උරුම සවාරිය දැක්වෙන මුහුණු පොත ඉතා ආකර්ෂණීය හා ජනප්‍රිය ස්ථානයකි.

Screenshot - Digital
advertistmentadvertistment
advertistmentadvertistment