Screenshot

104

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. මෙවර එය හැඩවන්නේ නිශාන්ත ද සිල්වා නම් ප්‍රවීන වන දිවි ඡායාරූප ශිල්පියාගේ නවතම ඡායාරූප එකතුවකිනි. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදී ඔහුගේ කැමරා කාචයේ සටහන් වූ කඳුකර කොටින්ගේ මේ අගනා ඡායාරූප ගොන්නට ඔහුගේ මුහුණු පොතේ තබා තිබු සටහන මෙවැන්නකි. (අවසරලත් උපුටා ගැනීමකි)

මා හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේදී දිවියන් දෙදෙනකුගේ හැසිරීම් ඡායාරූපගත කර එය මාගේ facebook ගිණුමෙහි පළකළා අප උදෑසන 6.00 ට වනෝද්‍යානය විවෘත කරන වේලාව පැමිණෙනතුරු බලා සිට විවෘත කළ ඉක්මනින් වනෝද්‍යානයට ඇතුළු වී සතුන්ගේ චර්යාවන් ඡායාරූපගත කරන්නෙ. වනජීවී ඡායාරූපකරණයේ නියැළෙන සහ වන සතුන්ගේ චර්යාවන් පිළිබඳව අධ්‍යයනය කරන සියලු දෙනාම දන්නවා මෙය කොයි තරම් දුෂ්කර කැපකිරීමක් ද කියල.

ඊයේ දිනයේදී අදාළ ස්ථානයේදී පැයක පමණ කාලයක් ගෝනුන්ගේ හැසිරීම් සහ චර්යාවන් පිළිබඳව විමසිලිමත්ව බලා සිටියේ ඔවුන්ව ගොදුරු කරගන්නා වෙනත් සත්වයකු ආසන්නව සිටින විටදී ඔවුන්ගේ හැසිරීම් සහ ශබ්ද කිරීම දුටු නිසයි. තවද හෝටන්තැන්න දිවියන් පිළිබඳව පර්යේෂණ සිදුකරන සංඛ වන්නිආරච්චි මහතාගේ අදහස වූයේද ඒ ආසන්නයේ දිවියන් සිටිය හැකි බවයි. එතුමාද මීට පෙර එම ස්ථානයේදීම දිවියන් ඡායාරූපගත කර තිබෙනවා.

Screenshot

පැයක් පමණ එකම තැන වාහනය නවතාගෙන සිටි අප ඉදිරියෙන් ගැහැනු දිවියකු පාර හරහා ගමන් කළ අතර එම සතා පිටුපසින්ම පිරිමි සතෙකු පැමිණියා. මෙය ඉතාම දුර්ලභ අවස්ථාවක් නිසා ඉතා වුවමනාවන් ඡායාරූපගත කළා. මෙය ඉතාම දුර්ලභ අවස්ථාවක්.

මෙම ඡායාරූප පළකිරීමෙන් පසු බොහෝ දෙනා මෙම අවස්ථාව වැරදි ලෙස වටහා ගනිමින් වැරදි ලෙස නොයෙක් ප්‍රකාශ සටහන් කර තිබුණා. හෝටන්තැන්න වනෝද්‍යානයේ යතුරුපැදිවලින් මෙන්ම පයින් ඇවිදීම අනාරක්ෂිත බවත්, පයින් ගමන් කරන සහ වාහනවල ගමන් කරන අය ප්‍රවේශම් විය යුතු බවත්.

මා ඉතා වුවමනාවෙන් කිවයුතු දෙයක් තිබෙනවා. වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන අය එය ඉතාමත්ම උනන්දුවෙන් ඉතා දුෂ්කරවයි සතුන් ඡායාරූපගත කරන්නේ. දින ගණන් කාලය කැපකරමින්. මෙය ඉතාම දුර්ලභ අවස්ථාවක්. මෙය පාරේ පයින් ගමන් කරන අයට පවා දැකිය නොහැකි අහඹු අවස්ථාවක්.

එම නිසා මෙසේ වැරදි ප්‍රකාශ ඉදිරිපත් කිරීම නුසුදුසු බවත් එයින් බොහෝ දෙනා වනෝද්‍යානයේ ගමන් කිරීමට අකමැති වීමටත් ඉඩ තියෙනවා.

තවද මෙය ජාතික වනෝද්‍යානයක් නිසා සතුන්ට සම්පූර්ණ ආරක්ෂාව නිදහස තිබෙන බවත්. වනජීවී නිලධාරි මහතුන්ගේ නිරන්තර නිරීක්ෂණයන් සිදුවන බවත් සඳහන් කළයුතුයි. ජාතික වනෝද්‍යානයක් සතුන්ට ආරක්ෂිත ස්ථානයක් නිසයි ඡායාරූප පළ කළේ. එසේ නොමැති අවස්ථාවල ඡායාරූප පළ කිරීම හෝ ස්ථානය ප්‍රදර්ශනය කිරීම ප්‍රසිද්ධ කිරීම කිසිදු වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන කෙනකු සිදු නොකරන ක්‍රියාවක්.

නිශාන්ත ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment