SDB බැංකුව 25 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

92

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කරන SDB බැංකුව සිය සේවය වසර 25ක් පුරා අඛණ්ඩව ලබා දෙමින් ඓතිහාසික සංධිස්ථානයකට පැමිණ ඇත.

SDB බැංකුව සිය 25 වැනි සංවත්සරය පාදක කර ගනිමින් පවත්වන නිල මාධ්‍ය හමුව 2022 අගෝස්තු මස 17 වැනි දින කොළඹ, කිංස්බරී හෝටලයේ, Balmoral ශාලාවේදී පැවැත්විණි. මෙහිදී මූලික අදහස් දැක්වීම් සිදු කළ SDB බැංකුවේ සභාපතිනි දිනිති රත්නායක මිය සහ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා වසර 25ක් පුරා බැංකුව පැමිණි ඓතිහාසික ගමන් මග පිළිබඳවත් බැංකුවේ අනාගත දැක්ම සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් ප්‍රකාශ කළහ.

ජාතික ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙන ප්‍රමුඛයෙකු ලෙස කුඩා පරිමාණ ව්‍යවසායකත්ව වර්ධනයේ ඉහළ කීර්තියක් ලබා ඇති SDB බැංකුව ඩිජිටල් බැංකුකරණය ව්‍යාප්ත කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත. මේ සියල්ල නිසා බැංකුව මෑතකාලීන සම්මාන රැසක් දිනා ගැනීමට ද සමත් වී ඇති අතර Brand Finance විසින් සිදු කළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2020 වර්ෂයේ මෙරට වටිනාම සන්නාම 100 අතරින් ඉහළම සන්නාම 50 අතරට ඇතුළත් වීමට ද SDB බැංකුවට හැකියාව ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment