සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව,ි Seylan Accelerate’ ගිණුම් හිමියන්ට උසස් අධ්‍යාපන කටයුතු වලදී විශේෂ වට්ටම් පිරිනැමීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය.
‘Seylan Accelerate’ ගිණුම් හිමියන්ගේ විවිධාකාර වූ අධ්‍යාපනික අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට, විෂය ක්ෂේත්‍ර රාශියක් ආවරණය වන පරිදි මෙම උසස් අධ්‍යාපන ආයතන තෝරාගෙන තිබේ.
මේ යටතේ ANC Education හි අධ්‍යාපනය ලබනි Seylan Accelerate’ ගිණුම් හිමියන්ට MSc, LLB සහ LLM පාඨමාලා සඳහා රු. 100,000 ක වට්ටමක් සහ, BMS හි තෝරාගත් පාඨමාලා සඳහා 15% ක් දක්වා වට්ටම් හිමි වේ. එමෙන්ම SLIM ලියාපදිංචියේදී 10% ක වට්ටමක්ද, ICBT දේශීය පාඨමාලා සඳහා 5% ක වට්ටමක්ද, CMA හි පාඨමාලා ගාස්තු සඳහා 20% ක වට්ටමක්ද හිමි වනු ඇත. තෝරාගත් පාඨමාලා සඳහා ක්‍ඵ් හිදී රු. 15,000/- ක වට්ටමක් හිමිවන අතර, AOD හිදී ලියාපදිංචි ගාස්තු සඳහා 15% ක වට්ටමක් හිමි වේ. ඉහත සඳහන් පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ හැකි නම්, Seylan Accelerate ගිණුමක් ආරම්භ කර මෙම විශේෂ දීමනා Seylan Accelerate ඩෙබිට් කාඩ්පතින් ලබාගත හැක.