SHMA ශ්‍රී ලංකාවේ සත්කාර සේවා අංශ වෘත්තිකයන්ගේ කුසලතා නැංවීමේ නෙස්ලේ ලංකා වැඩසටහනට පහසුකම් සලසයි

46

බවර් සමාගමට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන අවසරලත් ඉගෙනුම් මධ්‍යස්ථානයක් වන Swiss Hotel Management Academy (SHMA) සත්කාර සේවා ක්‍ෂේත්‍රය තුළ තරුණ පරම්පරාවේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පසුගියදා නෙස්ලේ ලංකා සමාගම සමග විශේෂ ගිවිසුමකට එළැඹිණි.

SHMA යනු ලොව පැරණිතම සහ ප්‍රමුඛතම හෝටල් කළමනාකරණ විශ්වවිද්‍යාලයක් වන Ecole Hotrliere de Lausanne මගින් පිරිනමන EHL වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාවට අයත් වෘත්තීය අධ්‍යාපන පුහුණුව ලබාදීමට අවසන හිමිව ඉගෙනුම් මධ්‍යස්ථානයකි.

මෙම පුද්ගලික අංශ සහයෝගීතාවයේ මූලික අරමුණ වන්නේ බොහෝ දෙනකුට EHL මගින් පිරිනැමෙන ගෝලීය මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමයි. වැඩසටහන ලියාපදිංචි කරගැනීමේ සහ බඳවා ගැනීමෙන් අනතුරුව ඉකුත්දා සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලද අතර EHL සහතිකලත් උපදේශකවරු සහ SHMA කර්මාන්ත ප්‍රවීණයන් විසින් ඉගැන්වීම් සිදු කරනු ලැබේ.

බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රොල්ෆ් බ්ලාසර් සහ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජේසන් ඇවන්සෙන්‍යා යන මහත්වරු අදාළ ගිවිසුම හුවමාරු කරගන්නා අයුරුඡායාරුපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment