Signature ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැඩ වැඩ කරයි

258

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල නිල ඇඳුම් සපයන්නා ලෙසින් මෙරට පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණක් වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ සිග්නේචර් (Signature) සන්නාමය ඉදිරිපත්ව ඇත. දෙපාර්ශ්වය සමග මෙම ගිවිසුම 2027 වසර දක්වා ක්‍රියාත්මකයි.

Signature ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැඩ වැඩ කරයි

එක් දින සහ විස්සයි – 20 පිරිමි කණ්ඩායම්වලට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ද උත්සව සහ සාමාන්‍ය අවස්ථාවලදී ඇඳුම් සැපයීම හමීඩියාස් සමාගම විසින් සිදුකරනු ලැබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඓතිහාසික ජයග්‍රහණයක් වන 1996 වසරේ ලෝක කුසලාන සහ 2024 වසරේ විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන සිටියේ සිග්නේචර්ස්ය.

Signature ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැඩ වැඩ කරයි

මෙම සම්බන්ධතාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානත්වයෙන් පැවැත්වීමට නියමිත තරගාවලි ඇතුළු අනෙකුත් සියලුම තරගාවලිවලදී ශ්‍රී ලංකා ජාතික පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සමග බලගැන්වෙනු ඇත.

Signature ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැඩ වැඩ කරයි

එමෙන්ම මේ වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල ඇඳුම් සහකරුවා ලෙසින් සිග්නේචර් ආයතනය කටයුතු කරන ලද්දේ ජාත්‍යන්තර ඉසව්වලදී ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දීම වෙනුවෙන් එම ආයතනය පවත්වාගෙන යන උරුමය දිගටම රදවා ගනිමිනි.

මෙම සහයෝගීතාවය නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා කොළඹදී පැවැති විශේෂ උත්සවයකදී දෙපාර්ශ්වය අතර ගිවිසුම් මාරු කර ගනු ලැබිණ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, එක්දින සහ විස්සයි-20 නායක චරිත් අසලංක, කාන්තා කණ්ඩායමේ සාමාජිකා හර්ෂිතා සමරවික්‍රම යන අයට අමතරව සිග්නේචර් ආයතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂකවරුන් වන ෆවුසුල් හමීඩ් සහ අම්ජාඩ් හමීඩ් යන මහත්වරු ද සහභාගි වූහ. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ කාන්තා ක්‍රිකට් පුහුණුකරු රුමේෂ් රත්නායක මෙන්ම ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

සුසිල් ජයකොඩි
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment