Silk Cooperation අති නවීන නිර්මාංශ ආහාර නිෂ්පාදනාගාරයක් විවෘත කරයි

139

මෙරට කාබලික හා තිරසාර කෘෂිකර්මාන්ත ආහාරපාන සහ පෝෂණආහාර ක්‍ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නියැලෙන සමාගමක් වන Silk Cooperation සමාගම නූතන පාරිභෝගිකය්නගේ වැඩි මනාපය සහිත ආහාර සහ ජීවනරටාවන්ට අත්වැලක් වෙමින්, මාතලේ නාඋල ප්‍රදේශයේදී නිර්මාංශ සහ ශාකමය ආහාර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට පසුගියදා පියවර ගත්තේය.

මෙම නිෂ්පාදන Plant Based සන්නාමය යටතේ අලෙවි කෙරෙන අතර දැනට ග්ලෝමාක් සුපිරි වෙළෙඳසල් ජාලය හරහා මෙන්ම www.plantbased.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයෙන්ද මිලදී ගත හැක. ඉදිරියේදී වඩාත් පුළුල් අලෙව් ජාලයක් සමග තොග බොදාහැරීම් මෙන්ම අපනයන සැලසුමක්ද Silk Cooperation සතු වේ. ඒ හරහා තවදුරටත් ජාත්‍යන්තර වෙළෙඳපොළ ශක්තිමත් කරමින් අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීමටත් විදේශ විනිමය උත්පාදනයටත් මග පෑදෙනු ඇත.

ආහාර සහ කෘෂිකාර්මික අපනයන ක්‍ෂේත්‍රයේ දශකයකට ආසන්න අත්දැකීම් සමගින් අලුත් මානයක් කරා එළැඹීමට අපි පියවර ගනිමින් සිටිනවා. අපගේ නව ආහාර නිෂ්පාදනාගාරය පිහිටුවන ලද්දේත් පාරිභෝගිකයන්ට සෞඛ්‍ය සම්පන්න මෙන්ම පරිසරයටත් තිරසාර නිර්මාංශික ආහාර නිෂ්පාදනය කරන අතරේ දේශීය ගොවීන්ගේ සහ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපායට ධනාත්මක බලපෑමක් කිරීමේ අරමුණින් යුතුවයි යනුවෙන් Silk Cooperation ප්‍රධාන විධායක නිලධාරි සහල් ක්ලයිව් බක්මීවැව මහතා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment