SLASSCOM හි ප‍්‍රථම සභාපතිනිය ලෙස ඩයලොග් ආසියාටා සමූහ ප‍්‍රධාන පාරිභෝගික නිලධාරි සැන්ඩ‍්‍රා ද සොයිසා පත් වෙයි

821

ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර කි‍්‍රයාවලියේ ප‍්‍රධාන ව්‍යවසායකයන් වන ඩයලොග් ඇතුළු ප‍්‍රධාන පෙළේ සන්නිවේදන ආයතන 15 ක පමණ සහභාගිත්වයෙන් SLASSCOM ආයනය පිහිටුවා ඇත.

 ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර සඳහා නව තාක්‍ෂණ දැනුම සහ ඔවුන්ගේ ඉදිරි සැලසුම් සඳහා නවීන තොරතුරු තාක්‍ෂණය එම ව්‍යාපාරවලට ඇතුළත් කර ගන්නේ කෙසේද යන දැනුම ඔවුන්ට ලබාදීම SLASSCOM හි ප‍්‍රධාන අරමුණයි.
 SLASSCOM ආයනය පිහිටුවා වසර 15 කට පසු එහි ප‍්‍රථම සභාපතිනිය වශයෙන් ඩයලොග් ආසියාටා හි සමූහ ප‍්‍රධාන පාරිභෝගික නිලධාරි සැන්ඩ‍්‍රා ද සොයිසා මහත්මිය පත්ව සිටී.

 මෙරට පළමු ජංගම දුරකථන සන්නිවේදන ජාලය වන සෙල්ටෙල් ආයතනයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ඇය ඒ වන විට වයස අවුරුදු 21 තරුණියකි මෙරට ප‍්‍රථම වතාවට සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ පාරිභෝගික සේවා අංශයක් ආරම්භ කළේ ද සැන්ඩ‍්‍රා ද සොයිසා මහත්මියගේ ප‍්‍රධානත්වයෙනි.

 සෙල්ටෙල් ආයතනයෙන් අනතුරුව කෝල් ලින්ක් ආයතනය සමග එක්වන විට ඇගේ වයස අවුරුදු 24 කි. කෝල් ලින්ක් ආයතනය සමග එක්වීමෙන් පසු සිංගප්පුරුව වැනි රටවල්වල පැවැත්වූ විශාල වැඩමුළු සංඛ්‍යාවකට ඇය සහභාගිවී විශාල අත්දැකීම් රාශියක් ලබාගෙන ඇත.

 ඩයලොග් සමග ඇය එක් වන විට ආයතනය පටන්ගෙන අවුරුද්දක් පමණි. දැනට ඇය එහි සමූහ පාරිභෝගික නිලධාරිනිය වශයෙන් සේවය කරයි. ඇයගේ සේවා කාලය වසර 23 කි.

 වසර 33ක මෙම ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් ඇති ඇය මේ වන විට SLASSCOM හි නව සභාපතිනිය ලෙස වැඩකටයුතු රාශියක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. ඉදිරියේදී ලෝකයේ සියලූ රැකියා උත්පාදන අවස්ථා බිහිවන්නේ නවීන තාක්‍ෂණය මුල් කොටගෙනය. එවැනි ව්‍යවසායකයන් පිරිසක් සිහිකිරීම SLASSCOM නව සභාපතිනිය වන සැන්ඩ‍්‍රා ද සොයිසා මහත්මියගේ බලාපොරොත්තුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment