SLC තරගාවලිය – රෙඞ්ස් – බ්ලූස් ග‍්‍රීන්ස් – ගේ‍්‍රස් අද ගැටෙයි

318

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආරාධිත  20 – 20 ක‍්‍රිකට් තරගාවලිය යටතේ රෙඞ්ස් සහ බ්ලූස් කණ්ඩායම් අද  (18 වැනිදා) ප. ව. 2.30 ටත්, ග‍්‍රීන්ස් සහ ගේ‍්‍රස් කණ්ඩායම් අද ප. ව. 7.00 ටත් තරග වැදීමට නියමිතය.

රෙඞ්ස් කණ්ඩායම නායක දිනේෂ් චන්දිමාල් විසින්ද, බ්ලූස් කණ්ඩායම නායක ධනංජය ද සිල්වා විසින්ද මෙහෙයවනු ලබති. ග‍්‍රීන්ස් කණ්ඩායමට අශාන් ප‍්‍රියංජන් නායකත්වය ලබා දෙන අතර ගේ‍්‍රස් කණ්ඩායමට දසුන් ශානක නායකත්වය ලබා දේ.

මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ මෙතෙක් පැවැති තරග අතරෙන් සියලූම තරග ජයගත් දසුන් ශානකේ ගේ‍්‍රස් කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් වී ඇති අතර බ්ලූස් කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවේ.

කණ්ඩායම් ලබා ගත් ජයග‍්‍රහණ මත ප‍්‍රසාද ලකුණු සටහන පහත දැක්වේ.

SLC තරගාවලිය - රෙඞ්ස් - බ්ලූස්  ග‍්‍රීන්ස් - ගේ‍්‍රස් අද ගැටෙයි

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment