SLIM People’s Awards සමීක්ෂණ සහකරුවා ලෙස Kantar LMRB පත් කෙරේ

197

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපතිනි තිලංකා අබේවර්ධන, උප සභාපති චින්තක පෙරේරා, Kantar ශ‍්‍රී ලංකා සමාගමේ අධ්‍යක්‍ෂිකා හිමාලි මදුරසිංහ, ව්‍යාපෘති සභාපති එෆ්. එම්. ෂිරාස් යන මහත්ම මහත්මීන් මාධ්‍ය හමුවට එක්ව සිටි ඇයුරු.

ශ්‍රී ලාංකීය ජනතා හඬ නියෝජනය වන එකම ශ්‍රී ලාංකීය සම්මාන උළෙළ ලෙස දෙස් විදෙස් කීර්තිමත් SLIM People’s Awards 2022 වසර සඳහා තම සමීක්ෂණ සහකරු වශයෙන් Kantar LMRB පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී.

Kantar LMRB යනු ශ්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන ලොව කීර්තිමත් සමීක්ෂණ ආයතනයකි.

විද්‍යාත්මක සමීක්ෂණ ක‍්‍රියාවලියක් මත පදනම් වූ SLIM People’s Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රියතම සන්නාම, පුද්ගල චරිත, සංවිධාන, වෙළෙඳ දැන්වීම්, ගීත හා කලාකරුවන් ඇගයීමකට ලක් කෙරේ. මහජනතාව ජූරිය ලෙස කටයුතු කරනු ලබන එකම ශ්‍රී ලාංකීය සම්මාන උළෙල වන SLIM People’s Awards හි ඇති සුවිශේෂත්වය වන්නේ සම්මාන තුළින් සැබෑ මහජන මතය නියෝජනය වීමයි.

SLIM People’s Awards සමීක්ෂණ සහකරුවා ලෙස Kantar LMRB පත් කෙරේ

2002 ස්ලිම් මහජන සම්මාන උළෙලේ නව සමීක්‍ෂණ සහකරු ලෙස Kantar LMRB සමාගම පත් කිරීම ඉකුත්දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදු විය. එහිදී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපතිනි තිලංකා අබේවර්ධන මහත්මිය හා Kantar ශ‍්‍රී ලංකා සමාගමේ අධ්‍යක්‍ෂික හිමාලි මදුරසිංහ මහත්මිය අදාළ ගිවිසුම් හුවමාරු කරගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

SLIM – Kantar LMRB සබඳතාවය පිළිබඳ අදහස් දැක්වූ SLIM People’s Awards හි ව්‍යාපෘති සභාපති, ශිරාස් නියාස් මහතා ”ශ්‍රී ලංකාවේ අලෙවිකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා SLIM සැමවිටම හොඳම සහකරුවන් සමග අත්වැල් බැඳගන්නවා. Kantar LMRB වැනි ජාත්‍යන්තර තත්ත්වයේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යටතේ විනිවිදභාවයකින් යුතුව සමීක්ෂණ කටයුතු සිදුකරන සමාගමක් සමග එක්ව කටයුතු කරන්නට ලැබීම අප ලද භාග්‍යයක්. Kantar LMRB විශ්වාසනීයත්වය SLIM People’s Awards සම්මාන උළෙලට තවත් ආලෝකයක් එක්කොට තිබෙනවා.” යැයි පැවසීය.

ඡායාරූප- කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment