SLS නැතිව දුඹුරු සීනි ගෙන්වලා

303

පසුගිය වසර දෙකක කාලයේ ශ‍්‍රී ලංකාවට දුඹුරු සීනි ගෙන්වා ඇත්තේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අනුකූලතා සහතිකයක් ලබා නොගෙන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.

භාණ්ඩ ආනයන ආයතන 89ක් විසින් 2019 වසරේ ජනවාරි මස සිට 2021 ජුනි දක්වා කාලයේදී අවස්ථා 1014කදී දුඹුරු සීනි ගෙන්වා ඇත.

එහිදී නියැදි පරීක්‍ෂාවක් සිදුකර ඇත්තේ අවස්ථා 49කදීය.

තොගය පරීක්‍ෂා කිරීමකින් තොරව දුඹුරු සීනි තොග ගෙන්වා තිබූ අවස්ථා 31ක් වාර්තා වී තිබුණි. එසේ ඇමෙරිකානු ඩොලර් 2,391,388.95ක් වටිනා සීනි මෙටි‍්‍රක්ටොන් 6323.3ක දුඹුරු සීනි නියැදි පරීක්‍ෂාවකින් තොරව නිදහස් කර තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment