ජාතික සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 26.6 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් වී තිබේ.
මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ මට්ටමට සාපේක්ෂව 2.1% ක වර්ධනයකි. SLT සමාගම ආයතනික මට්ටමින් අත්කරගෙන ඇති ශක්තිමත් වර්ධනය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, එය අභියෝග හමුවේ නොසැලී ශක්තිමත්ව හා සුබවාදී ලෙස අනාගතය වෙත පියනැගීමට සමූහය සතු හැකියාව පිළිබිඹු කරයි.
SLT සමූහයේ ආදායමේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකය වී ඇත්තේ, SLT සමාගම මෙම කාර්තුව තුළ වාර්තා කළ රු. බිලියන 17.6 ක ආදායමයි. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 10.7% ක වර්ධනයකි. SLT සමූහයේ කළමනාකාරිත්වයේ ක්‍රමෝපායික දැක්ම සහ සාර්ව ආර්ථික ගැටලුවල බලපෑම අවම කිරීම සඳහා ගත් විචක්ෂණශීලී ක්‍රියාමාර්ග මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. කෙසේ නමුත්, සමුහ ආදායමට අහිතකර බලපෑමක් සමූහයේ ජංගම දුරකථන සේවා හස්තය මඟින් සිදුව තිබේ.
“අපගේ ව්‍යාපාරය ස්ථාවර කිරීම, අපගේ මෙහෙයුම් සහ පදනම් (Platforms) ඒකාබද්ධ කිරීම සහ අනාගතයට සාර්ථක ලෙස මුහුණ දීමට සූදානම් තාක්ෂණික සමාගමක් බවට පත් වීම සම්බන්ධයෙන් අප අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අපට ආඩම්බර වන්නට පුළුවන්. කෙසේ නමුත් අපගේ සැබෑ සාර්ථකත්වයේ සාක්ෂි දැකගත හැකි වන්නේ අපගේ කාර්යක්ෂම සහ ඉලක්ක මූලික කරගත් මෙහෙයුම් ව්‍යුහය තුළයි. එමගින් අපට දුෂ්කර අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, සුබවාදී දැක්මකින් යුතුව අනාගතය වෙත පියනැගීමට හැකියාව ලැබී තිබෙනවා. SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.