SLT සමූහයේ පිරිවැටුම රු. බි. 100 පසුකරයි

215

බදු-පසු ලාභය රු. බිලියන 12.2 ක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප‍්‍රවර්ධකයා වන SLT සමූහය, 2021 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 102.3 ක පිරිවැටුමක් වාර්තා කරගැනීමට සමත් වී ඇත.

මෙය පසුගිය වසරට සාපේක්ෂව 12.3% ක වර්ධනයකි. එමෙන්ම සමූහයේ බදු-පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 54.3% කින් වර්ධනය වී, රු. බිලියන 12.2 ක් ලෙස වාර්තා වී තිබේ.

සමූහයේ ව්‍යාපාර අංශ ගණනාවකම ඉහළ මට්ටමේ ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීම, එහි ලාභය වර්ධනය වීමට බෙහෙවින් බලපා ඇත. සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ මෙහෙයුම් ලාභය 19.0% කින් වර්ධනය වී ඇති අතර පොලී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක‍්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) 16.6% කින් වර්ධනය වීතිබේ. ෆයිබර් සම්බන්ධතා ජලය පුළුල් කිරීමට දිගින් දිගටම කටයුතු කිරීම සහ, 4G/LTE ජාලය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ගන්නා ලද පියවර හේතුවෙන්, අදාළ වසර තුළ බ්‍රෝඞ්බෑන්ඞ් සේවා ආදායම වර්ධනය වී තිබේ. මාර්ගගත ක‍්‍රම (online) ඔස්සේ ඉහළ ගුණාත්මක භාවයකින් යුත් අධ්‍යාපන හා විනෝදාස්වාද සේවා බලාපොරොත්තු වන වෙළඳපොළක් පැවතීම නිසා, නව වෙළඳපොළ කාණ්ඩ වලටද ආමන්ත‍්‍රණය කරමින්, සමාලෝචිත කාලසීමාව තුළ PEO TV සේවා ආදායම aවර්ධනය කරගැනීමට SLT සමත් විය. SLT-MOBITEL හි ගෝලීය ව්‍යාපාර ඒකකය වන ඞහබඒජ සමස්තයක් ලෙස සමාගම තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වූ අතර, ශ‍්‍රී ලංකාවේ ගෝලීය සම්බන්ධතා ධාරිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් නව SEA-ME-WE 6 සංදාම පද්ධතියක් සඳහා ආයෝජනය කිරීමද සිදුකර තිබේ. නවීනතම ඩිජිටල් හැකියාවන්ගෙන් සමන්විත SLT-MOBITEL දත්ත මධ්‍යස්ථානය සහ Akaza multi-cloud platform, සමාගමට නව වටිනාකම් එක්කිරීමට සමත් වී ඇත.

”2021 වසර දෙස ආපසු හැරී බලන විට, අපේක්ෂා කළ මට්ටමට වඩා ඉතාමත් ඉහළ සාර්ථකත්වයක් අප වාර්තා කරගෙන ඇති බවත්, මූල්‍ය හා ආයතනික යහපාලනය වැනි අංශ අතින් මෙන්ම, වඩාත්ම වැදගත් සාධකය වන ජාතික වගකීම සපුරාලීම අතින් ඉතිහාසයේ විශිෂ්ටතම ප‍්‍රතිඵල සමගින් වසර නිමා කිරීමට අපට හැකි වී ඇති බවත් මට අභිමානයෙන් පැවසීමට පුළුවන්. දූෂණය මුලිනුපුටා දැමීම, අපතේ යෑම් පාලනය කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ වඩාත් ඒකාබද්ධ කළමනාකරණයක් ස්ථාපිත කිරීම යනාදී සාධක නිසා, 2021 වසරේදී මුහුණ දීමට සිදු වූ බාධක සියල්ල ජයගැනීමට අපට හැකියාව ලැබුණා. හුදෙක් දුරකථන සන්නිවේදන සමාගමක සීමාවෙන් ඔබ්බට යමින් තාක්ෂණික සමාගමක් බවට පත්වීම සඳහා අප දරන උත්සාහය යටතේ, ඉදිරියේදී අපගේ ව්‍යාපාර කටයුතු වලට සෘජුව අදාළ වන තාක්ෂණික පැතිමාන රාශියක් ආවරණය කිරීමට අප බලාපොරොත්තු වනවා. තාක්ෂණික සමාගම් අද ලෝකයේ බලවත්ම සමාගම් බවට පත්වී ඇති බවත්, ඒවා ආර්ථික සහ අත්‍යවශ්‍ය සේවා මෙහෙයවමින් සිටින බවත් අපට පැහැදිලියි. නවීන තාක්ෂණය සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින SLT-MOBITEL, ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමනට නායකත්වය දීමට සූදානම්” යැයි SLT සමූහ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

පෙර වර්ෂයේ අදාළ කාර්තුවට සාපේක්ෂව සමාලෝචිත කාර්තුව තුළදී සමූහයේ ආදායම 7.5% කින් වර්ධනය වී රු. බිලියන 25.7 ක් ලෙස වාර්තා වී ඇති අතර, පොලී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක‍්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) සහ මෙහෙයුම් ලාභය පිළිවෙළින් 21,3% කින් සහ 34.8% කින් වර්ධනය වී තිබේ. මෙම කාර්තුව තුළ සමූහයේ බදු-පසු ලාභය රු. බිලියන 3.0 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 162.9% ක සුවිශේෂී වර්ධනයකි.

”පසුගිය වසර යනු අප දැඩි කැපවීමකින් යුතුව, නවෝත්පාදනයන් සිදුකරමින්, අභියෝග ජයගැනීමට මුල්තැන දෙමින් කටයුතු කළ වසරක්. සෑම අංශයක් සම්බන්ධයෙන්ම අප අත්පත් කරගෙන ඇති වර්ධනය, එම කැපවීමේ සාර්ථකත්වයට සාක්ෂි දරනවා. SLT-MOBITEL සන්නාම ඒකාබද්ධ කිරීම සමූහයේ ප‍්‍රගතියට ඍජුව දායක වුණු අතර එමගින් ජාතික සේවා සම්පාදකයා ලෙස පාරිභෝගිකයන් අප වැළඳගත් අතර, රට මුහුණ දී තිබෙන අභියෝග හමුවේ පවා බාධාවකින් තොර සම්බන්ධතාවක් ලබාදීමට අපට හැකියාව ඇති බවට වන විශ්වාසය ඔවුන් තුළ තහවුරු වුණා. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වෙනත් පාර්ශ්ව වෙත පැවරීම මගින් අපට ප‍්‍රධාන ව්‍යාපාර කටයුතු කෙරෙහි වැඩි අවධානයක් ලබාදීමට හැකිවී තිබෙනවා. මෙමගින් අපට වඩාත් පහසුවෙන් SLT සමූහය රටේ ඩිජිටල් තාක්ෂණයේ ප‍්‍රමුඛයා බවට පත්කිරීමට හැකි වේවි. තරගකාරීත්වයට සෘජුව මුහුණ දෙමින්, ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා ලෙස අප සතු ස්ථානය යළියළිත් තහවුරු කරගැනීමට අප ඉතාමත් උනන්දුවෙන් යුතුව කටයුතු කරමින් සිටිනවා. ඒකාබද්ධ කළමනාකරණ සංකල්පය ඔස්සේ, SLT-MOBITEL සන්නාමය යටතේ එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් පොදු ඉලක්ක ළඟා කරගැනීම අපගේ අරමුණයි” යැයි SLT සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment