SLT සමූහය බාධක හමුවේ නැවතත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

196

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස, 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය පිරිවැටුම රු. බිලියන 26 දක්වා වර්ධනය කරගැනීමට සමත් වී තිබේ.

මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ බදු-පසු ලාභය රු. බිලියන 2.7 ක් ලෙස වාර්තා වීම, අභියෝගකාරී ආර්ථික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සමූහය සතු ශක්‍යතාව මනාව පිළිබිඹු කරයි. නව වසර ආරම්භයේ සිටම සමූහය සිය ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ, පිරිවැය පදනම විධිමත් කිරීම සහ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය කිරීම යනාදිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින්, සිය පාර්ශ්වකරුවන්ටත් රටටත් උපරිම ප්‍රතිලාභ පිරිනැමීමට පියවර ගෙන ඇත.

මෙම කාලසීමාව තුළ සමූහයේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) පෙර වසරට සාපේක්ෂව 9.9% කින් වර්ධනය වෙමින් රු. බිලියන 10.7 ක් බවට වාර්තා වී ඇති අතර, පෙර වසරේ අදාළ කාලසීමාව තුළ 39.4% ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකය මෙවර 41% දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම මෙම කාර්තුව තුළ සමූහය රු. බිලියන 3.5 ක බදු-පෙර ලාභයක් වාර්තා කර ඇත.

සමූහයේ පිරිවැටුම වර්ධනය වීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, ජාතික ෆයිබර්කරණ වැඩසටහන යටතේ ෆයිබර් සම්බන්ධතා ව්‍යප්තිකරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සහ 4G/LTE ජාලය වැඩිදියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් ආදායම ඉහළ යාමයි. ෆයිබර් සම්බන්ධතා ලබාදීම වේගවත් කිරීම මෙන්ම එහි අලෙවිකරණ කටයුතු පුළුල් කිරීම ඔස්සේ පාරිභෝගික ඉල්ලු‍ම ඉහළ යාම, මෙම මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුවට අදාළ මූල්‍ය ඉලක්ක ළඟා කරගැනීමට මහෝපකාරී විය. එම නිසා ඉහත ව්‍යාපෘති සඳහා සිදුකරන ලද ආයෝජන බෙහෙවින් ඵලදායී වූ බව පැවසිය හැකි වේ. එමෙන්ම ෆයිබර් සම්බන්ධතා පුළුල් කිරීම නිසා ඡෑධඔඪ ආදායමද ඉහළ ගිය අතර, මෙම කාලසීමාව තුළ දේශීය වාහක සේවා (Career Domestic Services) තුළින් ලැබූ ආදායම ද ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment