SLT-MOBITEL කුලියාපිටිය රෝහලට බහු-පරාමිති මොනිටර් යන්ත‍්‍රයක් පරිත්‍යාග කරයි

153

ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL කුලියාපිටිය ශික්ෂණ රෝහලට බහු-පරාමිති මොනිටර් යන්ත‍්‍රයක් (Multi Para Monitor) පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය.
 
 මෙය ශ‍්‍රී ලංකාවට Covid-19 උවදුරෙන් මිදීමට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL දරන අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරකි. කුලියාපිටිය ශික්ෂණ රෝහල කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දෙවැනි විශාලතම රෝහල වන අතර, මෙම නව උපකරණය එහි Covid-19 රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා යොදාගැනෙනු ඇත. SLT-MOBITEL ප‍්‍රාදේශීය ප‍්‍රධානී රන්මල් ෆොන්සේකා සහ කලාපීය Telecom කළමනාකරු චානක උදයංග යන මහත්වරුන් විසින් මෙම උපකරණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය
 
 ප‍්‍රභාත් වේරවත්ත මහතා වෙත භාරදෙන ලදි. මෙම අවස්ථාවට SLT-MOBITEL දිස්ත‍්‍රික් කළමනාකරු නිරෝෂ කරුණාරත්න, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී (සැලසුම්) මධුෂ සත්කුමාර සහ ප‍්‍රධාන හෙද පාලිකා එන්. එම්. ඒ. මාරසිංහ යන මහත්ම මහත්මීහුද එක්වූහ.


advertistmentadvertistment