ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා Connex 360 සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කර තිබේ.
Connex 360 යනු ව්‍යාපාර සඳහා නවීනතම තොරතුරු තාක්ෂණ සේවා සපයන සමාගමක් වන අතර, මහල් නිවාස සහ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නංවන සමාගම් සඳහා දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් ඇතුළුව පරිපූර්ණ සුහුරු ගොඩනැගිලි විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ අරමුණ වී ඇත.
මේ සඳහා වූ ගිවිසුමට SLT-MOBITEL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Connex 360 සමාගමේ ප්‍රධාන ජාත්‍යන්තර සම්බන්ධතා නිලධාරී පැට්රික් රජීව් යෝගරත්නම් මහතා විසින් අත්සන් තබන ලදී. එම අවස්ථාවට දෙපාර්ශ්වයේ තවත් නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
මෙම ගිවිසුම ඔස්සේ දෙපාර්ශ්වයේ ශක්තීන් එක්තැන් කරමින් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවා එකතුවක් පිරිනැමීමට සමාගම් දෙකට හැකියාව ලැබෙනු ඇත. මේ යටතේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා, සුහුරු නිවාස විසඳුම්, විනෝදාස්වාද සේවා සහ ඉහළ තලයේ ආරක්ෂක විසඳුම් ඇතුළු තවත් විසඳුම් හා සේවා රාශියක් පිරිනැමීමට සැලසුම්කර තිබේ. SLT-MOBITEL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Connex 360 සමාගමේ ප්‍රධාන ජාත්‍යන්තර සම්බන්ධතා නිලධාරී පැට්රික් රජීව් යෝගරත්නම් මහතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. දෙපාර්ශ්වයේ තවත් නියෝජිතයෝ පිරිසක්ද ඡායාරූපයෙහි වෙති.