ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2023 වර්ෂය ආරම්භයේදීම තම ෆයිබර්(Fibre) සම්බන්ධතාවන්හි ඩවුන්ලෝඩ් (Download) වේගය 200ඵඉච දක්වා සහ අප්ලෝඩ් (Upload) වේගය 100ඵඉච වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
SLT-MOBITEL Fibre යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම, වේගවත්ම සහ පුළුල්ම ෆයිබර් සම්බන්ධතා ජාලයයි. එමෙන්ම SLT-MOBITEL ශ්‍රී ලංකාවේ වේගවත්ම හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සේවා සම්පාදකයා ලෙස සැලකේ.
SLT-MOBITEL ජාල වල හැකියාව සහ පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන් වටහාගෙන ඒ අනුව සේවාවන් ලබාදීමට නොපමාව කටයුතු කරමින්,තම සම්බන්ධතාවන්හි වේගය වැඩි කිරීමට SLT-MOBITEL පියවර ගෙන ඇත. ජනවාරි මාසය යනු සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු තම පවුලේ සාමාජිකයන් සහ ඥාති හිතමිත්‍රාදීන් සමග සම්බන්ධතා අලුත් කරගන්නා මාසයක් බැවින් , මෙම සේවාව ඔවුන්ට ඉමහත් පහසුවක් සලසයි. එමෙන්ම එය ඔවුන්ට ලොව නවීනතම සම්බන්ධතා තාක්ෂණයන්හි හැකියාවන් අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවක්ද වේ. වේගයට අමතරව මෙම තාක්ෂණය බාධාවන් හා ප්‍රමාදයන් අවම කරමින්, සුපැහැදිලි ලෙස සන්නිවේදනයේ යෙදීමට අවස්ථාව සලසා දෙයි.